Header Ads

Breaking News
recent

දමිළ ඊළාම් මතය ඇති පෙළ පොත් හිටපු ඇමැති අකිල නිකුත් කරලා

දෙමළ ඊළම පදනම් කරගෙන පසුගිය ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පාසල් පෙළපොත් නිකුත් කර තිබෙන බවට ජාතික උරුමයන් සුරැකීම් මහා සම්මේලනයේදී සාමාජික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ප්‍රකාශ කළේය.

ඔහු එම අදහස් පළ කළේ පසුගියදා මහජන පුස්තකාලයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය කැඳවා තිබූ එම මාධ්‍ය හමුවේදී නුවන් බැල්ලන්තුඩාව මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

රජය විසින් ලබන වසර සඳහා 5 ශේ‍ර්ණියට නිකුත් කරන ලද පොතේ උතුරු හා නැඟෙනහිර එක් පළාතක් ලෙස නිරූපණය කෙරෙනවා. මේක අත්වැරැදීමක් නොවේ. පසුගිය ආණ්ඩුව විසින් ගෙන ගිය බෙදුම්වාදී වැඩපිළිවෙළේම කොටසක්. ලංකාවේ තවත් පළාත් තියෙනවා. බස්නාහිර, මධ්‍යම, දකුණ වශයෙන්, උතුරු නැඟෙනහිර කියන්නේ යුගල පදයක්වත් එක පළාතක්වත් නෙවේ. මේ උතුරු නැඟෙනහිර එක්ව දැක්වීම පදනම් වෙලා තියෙන්නෙ දෙමළ ඊළාම් මිථ්‍යාව උඩ. සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රකාශයේත් තියෙනවා උතුරු නැඟෙනහිරට විශේෂ සංවර්ධනයක් කරනවා කියලා.

එජාපයේ පමණක් නොවේ. ශ්‍රී ලනිපය හා පොහොට්ටුවෙත් ඉන්නවා මේ ඊනියා නිජභූමි මතවාදය අමුවෙන් ගිලපු අය. ඉතිහාසය ගැන හැදෑරීමකින් තොරව මේ මිථ්‍යාව පිළිගන්නකන් අපිට විසඳුමක් නෑ. නන්දිකඩාල් කළපුවේදී ප්‍රභාකරන්ගේ මිනිය මතින් රණවිරුවන් ඔප්පු කළේ දෙමළ නිජභූමි කතාවේ අවසානය. ජනාධිපතිවරණයේදී සිංහලයා ගෝඨාභයට ඡන්දය දුන්නේ මේ මිථ්‍යාව පරාජයට පත්කරන්න. අපි ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිවරයාට ඉන්දියාවට ගිහින් හින්දු පුවත්පතට පළාත් සභාවලට පොලිස් හා ඉඩම්  බලතල දෙන්නේ නෑ කියලා අපිට දුන්න සහතිකයට.

පෙළ පොතට මේවා දාලා අනාගත පරපුරට විකෘති ඉතිහාසයක්  එකතු කරන්න හදන්නේ. මේ විකෘතියේ පදනම වඩුක්කොඩේයි සම්මුතිය. මේ උතුරු -  නැඟෙනහිර දෙමළ නිජභූමි කතාවට කිසිදු ඓතිහාසික පදනමක් නෑ. උතුරේ සහ නැඟෙනහිර පුරාවිද්‍යා උරුමයෙන් පැහැදිලි වෙනවා සිංහල බෞද්ධ උරුමය. සුද්දා මේ රටින් යනකොට හදපු අවසාන පුරාවිද්‍යා වාර්තාවේ සඳහන් වෙනවා මුලතිව් දිස්ත්‍රික්කයේ විතරක් බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන 136. දෙමළයි කියලා පෙන්වන්න  පුළුවන් මොනවාද?

දෙමළ වාර්ගික ජනගහනයෙන් සියයට 50%කට වඩා ජීවත් වෙන්නේ උතුරු නැඟෙනහිරින් පිට. දැන් පළාත් සභා අහෝසි කරන්න කාලය ඇවිල්ලා. දේශීයවත් ජාත්‍යන්තරවත් පළාත් සභා අහෝසි කරන්න ඕනෑ තරම් හේතු තියෙනවා. අපිට දැන් ඕනේ 13වත් 13+වත් නෙවේ. 13- මයිනස්. එතකොටයි නියම ඒකීය බව රැකෙන්නේ.

දෙනගම ධම්මික රණවීර


No comments:

Powered by Blogger.