Header Ads

Breaking News
recent

රාජිතගෙන් ප්‍රකාශයක් ලබා ගන්න වෛද්‍ය වාර්තාව ලැබෙන තුරු CIDය බලා සිටියි

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (26) රාත්‍රි අටට පමණ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් වීය.
අප වාර්තාකරු සඳහන් කළේය , රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් සටහන්කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තු නිලධාරීන් රෝහල් පරිශ්‍රයේ රැඳී සිටින බවයි.



රෝහල්ගත කිරීමෙන් පසුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇති අතර ඔහුගෙන් ප්‍රකාශයක් සටහන්කර ගැනීමට අදාල වෛද්‍ය පරීක්ෂණයේ වාර්ථාව ලැබෙන තුරු බලා සිටින බව අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තු නිලධාරීන් පවසයි.

එම වාර්ථාව ලබා දෙන්නේ අද රාත්‍රී 11.30න් පසුව බවත් ඒ අනුව මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන්කර ගන්නවාද නොගන්නවාද යන්න තීරණය කරන බවත් අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තු නිලධාරීන් සඳහන් කරයි.

අධිකරණයේ වරෙන්තු ලබා සිටින සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් නොවී රෝහල්ගත වූ විට පළමුවෙන්ම සිදුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රෝහලට ගොස් සැකකරුගෙන් ප්‍රකාශයක් ගෙන අත්අඩංගුවට ගැනීමයි.

අනතුරුව ඒ බව මහේස්ත්‍රාත් වෙත දැනුම්දීම සිදු වන අතර මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීම මීලඟ පියවර වේ.

ඒ අනුව ඉන්පසුව සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතට පත් කෙරෙයි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ සුදුවෑන් මගින් පුද්ගලයන් පැහැරගැනීම් සිදුකළ බවට පසුගිය ජනාධිපතිවරණ සමයේදී ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් විය.

ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව පසුගිය අඟහරුවාදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රාජිත සේනාරත්න මහතාට වරෙන්තුවක් නිකුත් කළේය.

අදාල අනෙක් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර පසුව ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

අධිකරණ වරෙන්තුවද රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (25) මෙන්ම අද දිනයේත් රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිවසට සහ බේරුවල හෙට්ටිමුල්ල ප්‍රෙද්ශයේ පිහිටි නිවසට ගියද ඔහු නිවෙස්වල නොසිටි බැවින් ඔවුන් එම ස්ථානවලින් පිටව ගියේය.

මෙවැනි පසුබිමක තමන්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නීතීඥවරුන් මාර්ගයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරනු ලැබුවත් ඔවුන් එය අද පස්වරුවේ ඉවත් කරගැනීමට පියවර ගෙන තිබූණි.

කෙසේ වෙතත් අද පස්වරුවේ රාජිත සේනාරත්න මහතා නාරාහෙන්පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් විය.

No comments:

Powered by Blogger.