Header Ads

Breaking News
recent

කොරෝනා මඩින්න රනිලුත් මහින්ද හා එක් වෙයි !

ටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ (face mask) ලබා දෙන ලෙස හිටපු අගමැති හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
සෞඛ්‍ය ආරක්ෂිත මුහුණු ආවරණ නිෂ්පාදන සමාගම් කිහිපයක් ඉන්දියාවේ පවතින හෙයින් මෙරටට කඩිනමින් මුහුණු ආවරණ ගෙන්වා ගත හැකි ළඟම රට ඉන්දියාව බව පවසමින් රනිල් වික්‍රමසිංහ මෙම ඉල්ලීම කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉල්ලීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාද දැනුවත් කර ඇත.

කොරෝනා වෛරසයෙන් මෙරට ජනතාව ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් රජය ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම සහාය දීමට කටයුතු කරන බවද හිටපු අගමැතිවරයා වර්තමාන අගමැතිවරයාට පවසා තිබේ.

මුහුණු ආවරණ ඉන්දියාවෙන් ගෙන්වා ගත හැකි සමාගම් කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන කළ දැනුම්දීමට අනුව රජය හා මැදිහත්ව මෙය කරන ලෙස ද එක්සත් ජාතික පක්ෂ නායකයා කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාට උපදෙස් දී තිබේ.

එසේම ජනතාව මේ වන විට සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් බියකින් පසුවන බැවින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කරන ලෙසත් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසත් රනිල් වික්‍රමසිංහ අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා ඇත.


No comments:

Powered by Blogger.