Header Ads

Breaking News
recent

අගමැති රනිල් රට කරවන්න විදෙස් සමාගමකින් කෝටි ගණනක උපදෙස් අරන්... අලුත් ආණ්ඩුවටත් කෝටි 12ක ණයක් ගෙවන්න වෙලා !

නිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ සමයේ චීනයේ කළ සංචාරයක් සඳහා උපදේශක සේවා ලබා ගත් විදේශීය සමාගමකට රු. කෝටි 12ක මුදලක් ගෙවීමට මූල්‍ය ප්‍රතිපාදන ඉල්ලා විපක්ෂ නායක කාර්යාලය කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට ලිපියක් යොමු කර තිබේ.
2016 වර්ෂයේ අප්‍රේල් මාසයේදී රනිල් වික්‍රමසිංහ මෙම සංචාරයේ නිරතව ඇත. ඒ සඳහා උපදේශන සේවා ලබා ගැනීම කෙරෙහි නොදර්න් ස්ටාර් කන්සල්ටින්ග් කෝපරේෂන් ලිමිටඩ් නමැති සමාගම සමග සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ලෙස සිටි චාන්දනී විජේවර්ධන ගිවිසුමක් අත්සන් කර තිබේ. එම ගිවිසුමට අනුව ඇමෙරිකානු ඩොලර් 65000ක මාසික ගාස්තුවක් සමාගමට ගෙවීමට නියමිතව තිබුණි.

ගිවිසුමට අනුව අමාත්‍යාංශය විසින් චීනයේ බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සමාගමට ඇමෙරිකානු ඩොලර් 65000ක මුදලක් 2016 අ​ගෝස්තු 18 වැනි දින ගෙවා තිබේ. අදාළ ගිවිසුම 2017 පෙබරවාරි 17 වැනි දින දක්වා ක්‍රියාත්මක විය.

චීන සංචාරයේදී රනිල් වික්‍රමසිංහ දේශපාලන නායකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සංවිධානය කිරීමට එම සමාගමට පවරා ඇත. 2017 මැයි මාසයේ පැවැති සේද මාවත සම්මන්ත්‍රණය ඇතුළු තවත් විශේෂ ආයෝජන සඳහා වූ සාකච්ඡා සංවිධානය කිරීමද සමාගමට පවරා තිබේ.

කෙසේ වෙතත් මෙම සමාගමට ගෙවිය යුතු හිඟ මුදල වන රු. කෝටි 12ක මුදලක් ඉල්ලා විපක්ෂ නායක කාර්යාලය අමාත්‍යාංශයට ලිපියක් යොමු කර තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මෙම ලිපිය යොමු කර ඇත්තේ පෙබරවාරි 20 වැනිදාය.


No comments:

Powered by Blogger.