Header Ads

Breaking News
recent

MCC අත්සන් නොකිරීමට කැබිනට් තීරණයක්

මරිකාව සමග MCC ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීන්දුව ගත් බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් ගිවිසුම සංශෝධනය කිරීමට ඇමරිකාව සමග සාකච්චා කරන බවද ඔහු පැවසීය.

මෙම යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කර කරුණු වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද කමිටුවේ මූලික වාර්තාව පසුගියදා ඔහුට භාර දෙන ලදී.

එහි සම්පූර්ණ වාර්තාව තවත් දින කිහිපයකින් ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇත.


No comments:

Powered by Blogger.