Header Ads

Breaking News
recent

එජාප කෘත්‍යාධිකාරියේ විශේෂ රැස්වීමක් අද සිරිකොතේදී

ජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද (28දා) පස්වරුවේ ‘සිරිකොත’ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ.

එජාපය නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී ගැනීමට යන තීරණ පිළිබඳව කිසිදු දැනුම්දීමක් කර නැත.

පාර්ලිමේන්තුව ලබන 03 වැනිදායින් පසු කොයි මොහොතක හෝ විසුරුවා හැරීමට නියමිත බැවින් මහ මැතිවරණය ඉලක්ක කොට එජාපය ඊට සූදානම් කිරීමට අදාළ වැදගත් තීරණයක් අද (28දා) ගනු ඇතැයි එජාප මන්ත්‍රිවරු විශ්වාසය පළ කරති.

විපක්ෂ නායක සහ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගිවීමට නියමිතය.

ශිරාන් රණසිංහ


No comments:

Powered by Blogger.