Header Ads

Breaking News
recent

කොරෝනා මරණ 25,000කට ආසන්නයිලු ! ලක්ෂයකට වඩා අසාදනය වී ඇති බවට චීනයේ විශාලතම ප්‍රවෘත්ති වෙබ් අඩවිය කියයි

චීනයේ විශාලතම ඔන්ලයින් ප්‍රවෘත්ති වෙබ් අඩවිය විසින් කොරෝනා වෛරසය පිලිබඳ මතභේදාත්මක දත්ත රැසක් හෙළිකර තිබෙනවා. කෙසේ නමුත් මේ දත්ත පිලිබඳ සැබෑ තොරතුරු මෙතෙක් සනාථ කර නැහැ.  ඔවුන් සඳහන් කර ඇති ආකාරයට කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගොස් ඇති සංඛ්‍යාව 24,589ක් බවයි එම වෙබ් අඩවිය සඳහන් කරන්නේ. මේ දත්ත ලෝක ප්‍රසිද්ධ ඩේලි මේල් වෙබ් අඩවිය විසින්ද පළකර තිබෙනවා.

එම අගය සත්‍ය අගය මෙන් 80 ගුණයක් වැඩි වන අතර වෛරසය අසාදනය වූ සංඛ්‍යාව 154023ක් ලෙසයි එම වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

කෙසේ නමුත් මෙම අගයන් පිලිබඳ චීන රජය කිසිඳු තොරතුරක් පළකර නොමැති නමුත් මෙම දත්ත වාර්තා කලේ චීනයේ විශාලතම ඔන්ලයින් ප්‍රවෘත්ති වෙබ් අඩවියයි.


No comments:

Powered by Blogger.