Header Ads

Breaking News
recent

දේශපාලන වාසි ගත්තා විතරයි - පාස්කු ප්‍රහාරය මේ ආණ්ඩුවටත් අමතක වෙලා - මෛත්‍රීගේ ක්‍රියා කලාපය ගැන සතුටුයි - කාදිනල් හිමි කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. 

එම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ට සාධාරණය ඉටු කරන බව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වූ නමුත් එම පොරොන්දු ඉටු කිරීමට අසමත් වී ඇති බවයි කාදිනල්වරයා පෙන්වා දෙන්නේ.
ඊයේ (18) කොළඹ අගරදගුරු නිවසේ පැවති මාධ්‍ය හමුවකදී මැල්කම් රංජිත් කාදිනල්වරයා මේ බව සඳහන් කළේය.

සතුටට පත්විය හැකි එකම කරුණ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ ජනාධිපති කොමිසමේ කටයුතු පිළිබඳව පමණක් බව පෙන්වා දෙන කොළඹ අගරදගුරුවරයා පවසන්නේ එම කොමිසමේ සාමාජිකයන් විමර්ශන කටයුතු ඉතා වගකීමෙන් සිදු කරන බවයි. එහෙත් එපමණකින් පමණක් සෑහීමකට පත්විය නොහැකි බවත් සිදුවූයේ කුමක්ද යන්න රටේ ජනතාව දැනගත යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙම ප්‍රහාරයෙන් දේශපාලන වාසි ගැනීමට තවදුරටත් කටයුතු නොකරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයට අදාලව නිකුත් වූ ඇතැම් කමිටු සහ විමර්ශන වාර්තාවලින් බලාපොරොත්තු වූ දේ ඉටු නොවූ බව ද මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. විශේෂයෙන් ආරක්ෂක අංශ හරහා සිදු කරන පරීක්ෂණ පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවයි ඔහු අවධාරණය කරන්නේ.

සිදු වූ දේ සහ ඊට වගකිව යුත්තන් වසන් කිරීම සඳහා පාලකයන් කටයුතු කරන බවට සැකයක් ඇති බවයි අගරදගුරුවරයා වැඩිදුරටත් පවසන්නේ.

No comments:

Powered by Blogger.