Header Ads

Breaking News
recent

විපක්‍ෂය ඡන්දයක් ඉල්ලයි.. පරදින්න බයේ ආණ්ඩුව යෝජනාව ඉල්ලා අස්කර ගනී.. පාර්ලිමේන්තුවේ හදිසි තත්වයක්

ජය විසින් තම ණය සීමාව ඉහළ දැමීම සඳහා අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම්ව තිබූ යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේදී අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇත.
මෙම තීන්දුව ගෙන ඇතැයි වාර්තා වෙන්නේ විපක්ෂය විසින් එකී යෝජනාවට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ යැයි ලග තොරතුරක් මතයි.

මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතරය විපක්ෂය අතර ආණ්ඩු පක්ෂයේ සිටින්නේ සුළුතර මන්ත්‍රී පිරිසකි.

ආණ්ඩුව විසින් තම ණය සීමාව රුපියල් බිලියන 721 සිට රුපියල් බිලියන 1078 දක්වා ඉහළ නංවා ගැනීමට අද දින යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියේය.

ඇතිව තිබෙන තත්වය ගැන සාකච්චා කිරීමට හදිසි පක්‍ෂ නායක හමුවක් කැදවා ඇත.


No comments:

Powered by Blogger.