Header Ads

Breaking News
recent

ඇමරිකාව ශවේන්ද‍්‍රට තහනම් කලේ එන ඡන්දෙට ආණ්ඩුවට වාසි වෙන්නයි - ජවිපෙ

මරිකාව විසින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට වීසා තහනම් කිරී වත්මන් ආණ්ඩුවේ ඉදිරි මැතිවරණ ප්‍රචාරණයේ කොටසක් බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා සදහන් කරයි. යුද සමයේ ආරක්ෂක ලේකම් ලෙස සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට අමෙරිකාවෙන් ගැටළුවක් ඇති නොවී ශවේන්ද්‍ර සිල්වා මහතාට පමණක් මෙවන් ගැටළුවක් ඇති කර ඇත්තේ මැතිවරණය හේතුවෙන් යයිද ඔහු පැවසීය.

සමරසිංහ මහතා මේ අදහස් පල කරන ලද්දේ අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් අමතමිනි.

නැවත වතාවක් පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරණය ඇමෙරිකාව විසින් සිදු කරන බවත් පැවසූ ඔහු ඉදිරි මැතිවරණය පැහැදිලිවම කඳුළු හා අනුකම්පාව මුල් කර සිදු කරන බව පෙනී යන්නේ යයිද පැවසීය.


No comments:

Powered by Blogger.