සන්ධානය සතියෙන් හදනු.. හාරත පිල තවත් අසරණ කරමින් රනිල් විනෝද චාරිකාවකට රටින් පිටවේ
ඉදිරි මැතිවරණය සඳහා තරඟ කරන ලාංඡනය, සන්ධානය සම්බන්ධයෙන් සියලු කටයුතු ඉදිරි සතියක කාලය තුළ විසදා ගන්නයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.
ඒ අනුව ඉදිරි සතියක කාලයේ දී ඡන්ද සලකුණ, සන්ධානයේ නම, එහි තනතුරු බෙදී යාම ආදී සියලු ගැටලු නිරාකරණය කර ගැනීමට නියමිතව තිබේ.
මෙම ගැටලුව මතු වූ මුල් අවස්ථාවේ දී ම තමන් ඊට විසදුම් දුන් බවත් වික‍්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පස්සේ ජ්‍යෙෂ්ට මන්ත්‍රීවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා පුද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.
ඔහු දින කීපයක් ඉන්දියාවේ සංචාරය කිරීමෙන් පසු මෙරටට පැමිණිමට නියමිතව තිබේ.

No comments: