Header Ads

Breaking News
recent

සිරිසේනට දුන් සභාපතිකම පුස්සක්.. කිසිම බලයක් නෑ.. පොලොන්නරුවේ පොහොට්ටු නායකයා මමයි.. බැරිනම් වෙනම තරග කරනු - රොෂාන් පොල්ල ගනී

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන නව සන්ධානය ලබා දී ඇති තනතුරෙහි කිසිදු බලයක් නැති බව රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

සිරිසේන මහතාට ලබාදී ඇති සභාපතිධුරය කිසිදු බලයක් නැති බවත් එය නිකම්ම නිකන් අනුසාසක තනතුරක් වැනි එකක් බවත් ඔහු පැවසීය.
සන්ධානයේ නායක ධුරයේ මහින්ද රාජපක්ෂ මහතා සිටිනවා යනු නැවත වතාවක් ආප්ප කාරයන්ට, කුමන්ත්‍රණ කාරයන්ට ගේම් ගසන්නට ඉඩ නැති බවද ඇමතිවරයා සදහන් කලේය.

පක්ෂ හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිද්දනවා යැයි කියමින් රාජපක්ෂ පවුලට අපහාස කළ සිරිසේන මහතාට පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට සදාචාරාත්මකව හැකිදැයි ඔහු ප්‍රශ්න කළේය.

එනිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී මෙම සන්ධානය අතහැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම තරග කළ යුතු බව තම අදහස යැයි ද ඔහු පැවසීය.

තමන් පොදු ජන පෙරමුණේ පොලොන්නරුවට නායකත්වය දෙන බවත් සිරිසේන මහතාට තමන්ගේ ජන බලය පෙන්වීම පෙන්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන්නැයිද ඔහු නැවතත් අභියෝග කළේය.


No comments:

Powered by Blogger.