Header Ads

Breaking News
recent

රන්ජන් දුන් හඩපට අතර මහින්ද -මෛත්‍රීගේ හඩපටත් - දුෂණයක් පිළිබඳව රන්ජන්ට හෙළි නොකරන ලෙස ඉල්ලා සිටින සංවාදයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සංවාදයේ යෙදෙන හඬ ආන්දෝලනාත්මක හඬපට කිහිපයක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

රන්ජන් රාමනායක මහතා සහ ඔහු අතර රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කරන ලද සංවාදයක් මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ පිරිස නිතිය හමුවට ගෙන එමකට අදාළ සංවාදයක් දුෂණයක් පිළිබඳව රන්ජන්ට හෙළි නොකරන ලෙස ඉල්ලා සිටින සංවාදයක් ද ඇති බවයි එම වාර්තා මගින් සඳහන් වන්නේ.


කෙසේ නමුත් මෙම හඬපට අතරික් කිහිපයක් මේ වනවිට රජය පාර්ශ්වය සතුව ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට ලබාදුන් හඬ පට අතර මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරුන්ගේ හඬපට සමග තවත් අමාත්‍යවරු දෙදෙනෙකුගේ හඬපට ද ඇති බවද වාර්තා වනවා.

ඒ අමාත්‍ය එස්.බී.දිසානායක සහ දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන්ගේ හඬ පටයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ දුරකථන සංවාද 4ක් ඔහු පාර්ලිමේන්තුවට ලබාදී තිබෙනවා.

No comments:

Powered by Blogger.