Header Ads

Breaking News
recent

ළමා අපචාර වීඩියෝව ගැන පියුමි හංසමාලිගෙන් ආනාවරනය වුන දේ මෙන්න

විරෝධතා කරන පිරිස්වලට තියෙන කම්පනය සාධාරණයි
එක සංගමයක් ඇවිත් අපට ‘හඬපටයක්’ භාර දුන්නා

සමාජ සේවකයෙකු මෙන් පෙනී සිටින මැණික් ව්‍යාපාරිකයෙකු වන ප්‍රියාන් මැණික් ළමා අපයෝජනයක් කරන බවට චෝදනා එල්ල වූ වීඩියෝව සම්බන්ධයෙන් වූ හඬපටයක් ද ළමාරක්ෂක අධිකාරියට භාර දී තිබෙනවා.

ළමාරක්ෂක අධිකාරියෙහි නියෝජ්‍ය සභාපතිනි සුජාතා අලහප්පෙරුම මහත්මිය සඳහන් කළේ ඔවුන් එම ‘හඬපටය’ ඔස්සේ ද පරීක්ෂණ මෙහෙයවා ඇති බවයි.

‘‘එක සංගමයක් ඇවිත් අපට ‘හඬපටයක්’ භාර දුන්නා… ඔවුන් කිව්වෙ, මේ වීඩියෝව ගැන සඳහනක් ඒ හඬපටයේ තියෙනවා කියලා… ඊට පස්සෙ අපි ඒ ගැනත් පරීක්ෂා කළා… ඒ හඬපටයේ තියෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ රංගන ශිල්පිනී පියුමි හංසමාලි අතර වන දුරකථන දෙබසක්… ඒ නිසා මේ වෙනකොට අපි හංසමාලි කියන රංගන ශිල්පිනියගෙනුත් කටඋත්තරයක් අරගෙන තියෙනවා… නමුත් ඇගේ දුරකථන සංවාද සිද්ධිය සහ මේ කියන වීඩියෝව අතර සම්බන්ධයක් නැති බවක් තමයි පේන්නෙ… ’’ ළමාරක්ෂක අධිකාරියෙහි නියෝජ්‍ය සභාපතිනිය වැඩිදුරටත් පැවසුවා.

‘‘මුලින්ම කියන්න ඕන, මේ සම්බන්ධයෙන් විමර්ශන නොවන බවට විරෝධතා කරන පිරිස්වලට තියෙන කම්පනය සාධාරණයි… නමුත් ඒ අයට ඇහැගැටුණෙ ඔය කියන සිදුවීම පමණක් හෝ තවත් සිදුවීම් කිහිපයක් වෙන්න පුළුවන්… නමුත් අපිට දිනපතා, මාස්පතා එන පැමිණිලි කන්දරාව දිහා බැලුවම පේනවා මේ සිදුවීම විතරක් නෙවෙයි, හැම ළමා හිංසනයක් ම අතිශය කටුක සහ දරුණු බව… අපි ඒ හැම හිංසනයක් ගැනම කරුණු හොයා බලනවා… ඒවා ගැන නඩු පැවරීම් කරනවා… අනෙක් අතට හිංසනයෙන් වළකින හැටි ගැන දරුවන්ව දැනුම්වත් කරන වැඩසටහන් කරනවා… දෙමාපියන් ගුරුවරුන් දැනුවත් කරනවා…’’ ළමාරක්ෂක අධිකාරියෙහි නියෝජ්‍ය සභාපතිනිය සඳහන් කළා.

No comments:

Powered by Blogger.