Header Ads

Breaking News
recent

මිල සුත‍්‍රය තිබුණා නම් මෙරට ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා - මහින්ද අමරවීර

සුගිය රජය විසින් හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය තිබුණ ක්‍රියාත්මක වූයේ නම් අද වන විට ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවන බව විදුලිබල බලශක්ති හා ඛණිජ තෙල් සංවර්ධන ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. කොරෝනා වෛරස් තත්ත්වය නිසා බොරතෙල් මිල සුළු අඩුවීමක් ඇති වුවද පෙබරවාරි දෙවන සතියේ සිට නැවතත් බොරතෙල් මිල වැඩිවීමක් සිදුවී ඇතැයි ඔහු පැවසීය.
ඒ අනුව ඉන්ධන මිල සූත්‍රය පැවතුනේ නම් නැවතත් මෙරට ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවන බවද ඔහු පැවසුවේය.

කෙසේ නමුත් ලෝක වෙළඳපලේ බොර තෙල් මිල ගණන් අනුව ජනතාවට සහන ලබාදීමට රජය පියවර ගන්නා බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

ඇමැතිවරයා මේ අදහස් පළකරන ලද්දේ පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.


No comments:

Powered by Blogger.