Header Ads

Breaking News
recent

රන්ජන්ගේ හඬපට නිසා මාව අත්අඩංගුවට ගන්න එපා කියා නියෝග කරන්න - විනිසුරු ගිහාන් පිලපිටිය උසාවි යයි

මන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි මහාධිකරණ විනිසුරු ගිහාන් පිලිපිටිය මහතා විසින් රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඔහු විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මගින් පොලිස්පතිවරයා සහ පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ සිදුකරන ලද ආන්දෝලනාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් ගිහාන් පිලපිටිය විනිසුරුවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් දී තිබේ.

මේ වන විටත් විනිසුරු ගිහාන් පිලපිටිය වැඩ තහනමකට ලක් කර ඇත්තේද එම සිදුවීම හේතු කරගෙනයි.


No comments:

Powered by Blogger.