Header Ads

Breaking News
recent

ජනාධිපතිවරණයෙන් පසුව මේ ආණ්ඩුව බාරගන්න බලාපොරොත්තු වුණෙ නෑ - ප්‍රේමලාල් ජයසේකර

‘සෞභාගයේ දැක්ම වැඩ පිළිවෙල අනුව දේශපාලනික හිතවත්කම් මත නිවාස, ආධාර, රැකියා බෙදු යුගය අද අවසන් කර තියෙනවා. ඒ වෙනුවට නිවාස නොමැති පීඩිත දුප්පත් ජනතාවට එම නිවාස හිමි වෙනවා. ඒ වගේම ඉතාම දුප්පත් පවුල් වල තරැණ තරැණියන්ට රැකියා ලක්ෂයේ දොරටු විවර වෙලා’ එම දුපපත් පවුල් වල දරැවන් අද තීරණය කරනු ලබනුයේ දේශපාලන අධිකාරිය නොව රාජ්‍ය නිලධාරීන් බවත් ඒ සදහා ඔවුන් සතු දත්ත පදනම් කර ගන්නා බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පැවසීය.
එය දියුනු දේශපාලනික සංස්කෘතියක් රට තල අති කිරීමට බලපාන බවත්. ඒ වගේම   එය සියලුම අංශ එක හා සමානව දියනු වීමට සෘජුව බලපාන බවතත් පැවසීය.

ඒ වගේම රටක හැම අස්සක් මුල්ලක් එක හා සමානව දියුනුවට මහා මාර්ග වල සංවර්ධනය ඉතාම තීරනාත්මක ලෙස බලපාන බවද. රටේම මාහා මාර්ග සංවර්ධනයටද විශාල මුදලක් ආයෝජනය කර ඇති බවද පැවසීය.

ඒ මහතා මේ අදහස් පල කලේ බලන්ගොඩ ගෝල්ඩන් සන්සිටි උත්සව ශාලාවේදී පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහනයට ක්‍රීයාකාරීව දායක වූ ජනතාවට ස්තූතිය පලකිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවය අමතන අවස්ථාවේදීය.

රටක් සංවර්ධනය කරද්දි නිසි ක්‍රම වේදයක් නිසි වැඩ පිළිවෙලක් , ප්‍රතිපත්තියක් අවශ්‍යයි. පසුගිය රජය කාලයේ නිසි ප්‍රතිපත්තියක් නොමැති වැඩ නිසා රට මේ තත්වයට පත්වූ බවත්, එය එසේ උවත් අපි අතීතතයට ඇගිල්ල දික්කර කර පලක් නොවන බවත් රටේ සංවර්ධනය සදහා ගෝඨාභය රාජපක්ෂමහතා ගෙනියන වැඩ පිලිවෙල සදහා උපරිම සහයෝගය ලබා දෙන බවත් පැවසීය.

තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

අප රජය දියත් කරන ලද රැකියා ලක්ෂයේ වැඩසටහන ලංකාවේ සියලුම ග්‍රාම සේවා කොට්ඨාශ ඇතුලත් වන පරිදි සැලසුම් කරන ලද වැඩ සටහනක්. ඒ වගේම නිවාස වැඩ පිළිවෙලත් ඒ හා සමාන අයුරින් ලංකාවම එක වර ආවරණය වන පරිදි දියත් කර තියෙන්නෙ. එවිට ලංකාව තලම  එක හා සමාන අයුරින් රැකියා, නිවාස වැනි ජනතාවගේ මූලික අවශ්‍යතා වල විසදුම් ආසන්නව එක හා සමානව විසදෙනු ඇතැයි තමා විශ්වාස කරනබවද පැවසීය. එලෙසම

19 වැනි ශංශෝධනය නිසා අධිකරණය, ව්‍යවස්ථාධායකය, විධායකය එකිනෙක ඝෂ්ඨනය වන තත්වයක් අද නිර්මාණය වෙලා. දියුණු වෙමින් පවතින රටක දියිණුවට මෙය එතරම් සුභදායී කරැණක් නොවෙයි. ඒ හේතුව නිසාත් රටක් වශයෙන් අප යම් පසු බෑමකට ලක්වෙලා. ජනපතිවරන ජයගහනයෙන් පසුව අපි මේ සුලුතර ආන්ඩුව බාර ගන්න බලාපොරතේතුවක් තිබුනෙ නැහැ. නමුත් යුඑන්පී එකෙන් තව දුරටත් රටට වන හානිය වල්කවා ගන්නයි මේ ආන්ඩුව බාර ගත්තෙ. එසේ නොකලානම් අද රටට අහිතකර ගිවිසුම්, විදේශ වලට සම්පත් විකිනීම, වැනි ජනතා අහිතකර දේවල් රැසක් මේ වන විට සිදුවී අවසන්. ඔබ තමුන්නාසෙලාගේ අපගේ දුවා දරැවන්ට අනාගතේ දවසක පිරිසිදු රටක් ඉතිරි විය යුතු නිසයි. මේ ආණ්ඩුව භාර ගැනීම අප කදවුරට දේශපාලනිකව කොතරම් අවාසි උනත් අපි මේක භාරගත්තෙ ඒ නිසයි. ඒ වගේම

රට පැහැදිලිව ඉදිරිටය යන්න නම් 3/2 බලයක් සහිත පාර්ළිමේන්තුවක් අපි පත්කරගත යුතුයි. ඒ සදහා පෙල ගැහෙන්න. මගේ දේශපානය තුල බොරැ පොරොන්දු නැහැ. එහෙම පොරනේදු දීල ජනතාව රවට්ටන පුරැද්දක් මට නැහැ. බැරි දේ බෑ කියනව මිස බොරැ පොරොන්දු දීල ජනතාව රවට්ටන්නේ නැහැ. ඒ වගේම එක්තරා සංවවිධානාත්මක කණ්ඩායමක් මේ දින වල මාව දේශපාලනික වශයෙන් පසු පසට තල්ලු කිරීම සදහා මඩ ව්‍යාපාරයක් ආරම්භ කරල තියෙනව මම ඒ අයට වගකීමෙන් කියන්න කැමති 2010  වර්ෂයේ මම සෘජු හෝ වක්‍රාකාරයෙන් සම්බන්ධ උන පතල් කර්මාන්තයේ සියලුම පතල් නවතා දැම්ම.  මම පරිසරයට ආදරය කරන ඒ වගේම පරිසර රැක ගැනීමේ බලවත් උවමනාවක් මට ඇති නිසයි. මේ වන විට ගංගා ඇල දොල ආශ්‍රිතව සිදුවන පතල් කර්මාන්ත මාගේ අනු දැනුම ඇතිව කියාත්මක වන බවත්, එම පරිසරික හානි මා දැනුවත්ව සිදුවන කියල ඒ අය ප්‍රචාරණය කරනව. මා කියන්න කැමතියි කිසිදු පතලක් මාගේ නමින් හෝ මාගේ අනුබල ඇතිව ක්‍රියාත්මක නොවන බව. ඒවාට කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් කිව යුතුයි. පරිසරයට ස්භාවධර්මයට ආදරය කරන කෙනෙකු ලෙස පරිසර විනාශයට අකමැති බවත් විශාල වශයෙන් පරිසර විනාශ කරන සියලු දෙනාටම සාධාරනව නීතිය ඉෂ්ඨ වනු ඇති බවත් දැන් රටේ නීතිය සැමට සමාන බවත් පවසන ලදි.

ඒ වගේම රට දියුණු කිරීමට නම් තරැණ තිරැණියන් වෘත්තීය නිපුණතාවයක් ලබා ගැනීම වැදගත් බවත්, ඒ පුහුණු ශමය විදේශ ගත වීම මගින් රටට විශාල විදේශ විනිමයක් ලැබෙන අතරම මැද පෙරදිග දුක් විදින දුප්පත් දෙමාපියන් විදේශ ගත වීම කමානුකලව අවසන් කල හැකි බවත් පැවසීය.

– midea unit


No comments:

Powered by Blogger.