Header Ads

Breaking News
recent

අම්බළුවාන රක්‍ෂිත කදු මුදුනේ මහා පරිසර සංහාරයක්

මිට වසර 4 කට කලින් නාය ගිය අම්බුළුවාවවේ මාවනැල්ල සීමාවේ කුඩා ඔය ආරම්භ වන අම්බුළුවාව කදු මුදුනේ රක්ෂිත මායිමේ කිසියම් පිරිසක් විසින් බැකෝ යන්ත‍්‍ර යොදා ගෙන සිදු කිරිමට යන නව සංවර්ධන කටයුතු හේතුවෙන් ඉදිරියේදි මහ විශාල පරිසර හානියක් විමේ අවදානමක් පවතින බව පාරිසරික සංවිධානයක් විසින් පෙන්වා දෙන ලදි.

මෙම පරිසර හානිය පෙන්වා දෙන ලද්දේ අම්බුළුවාව ජල මුලාශ‍්‍ර සහ ජන ජිවිත සුරකිමේ සංවිධානයේ සභාපතිවරයා ඇතුලූ නිලධාරින් පිරිසක් එම දිනයේ එම ප‍්‍රදේශයේ සංචාරය කරමින් එම කදු මුදුනේ සිදු කිරිමට යන සංවර්ධන කටයුතු නිරික්ෂණය කරන ලද අවස්ථාවේදිය.

සබරගමුව හා මධ්‍යම පළාත් මායිම් වන අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය පිහිටි කදු මුදුනට යාබදව පිහිටා ඇති එම කදු වැටියේම සුන්දර පාරිසරික වටිනාකමක් සහිත මෙම නව සංවර්ධන කටයුතු සිදු වන කදු මුදුනේ නැවත වතාවක් සංවර්ධනය කිරිම මගින් ඊට පහත් බැවුමේ ගම්මානවලට මෙම පාරිසරික බලපෑම තදින්ම සිදු වෙයි.

පසුගියදා ඩෝසර් යොදා එහි සිදු කරන ලද සංවර්ධනයේදි පහතින් ඇති වත්තේකඬේ අම්බලාව ප‍්‍රදේශයට මහ විශාල කළු ගලක් පෙරළි ආ බවත් ඉදිරියේදි එහි සංවර්ධන කටයුතු සිදු කර හොත් රක්ෂිත මායිමටද තව තවත් බලපෑම් සිදු විය හැකි බව ඔවුන් පෙන්වා දෙන ලදි.

ඔවුන් පෙන්වා දෙන්නේ දැනට මෙම කොටස පෞද්ගලික ඉඩමක් වන බව පවසන බවත් ඩොසර් කර ඇති සීමාවේ ඇත්තේ රක්ෂිතය වන අතර ඊට පහතින් ගම්මාන 10 කට ආසන්න ප‍්‍රමාණයක් ජලය භාවිතා කරන කුඩා ඔය ආරම්භයද සිදු වන අතර කදු මුදුනේ ගස් කොළන් කපා දමා සංවර්ධන කටයුතු සිදු වුවහොත් සියලූ ජල මුලාශ‍්‍ර වලට දැඩි හානියක් සිදු විය හැකි බවද පෙන්වා දෙයි.



අම්බුළුවාව කදු මුදුනට අවිදිමත් ලෙස ගම්පොළ නගර සභාව විසින් කසළ බැහැර කිරිම නිසා එම කුණු කන්ද නාය ගොස් මහ විශාල පරිසර හානියක් 2016 වසරේ මැයි මාසයේදි සිදු වු අතර එම නිසා මේ දක්වාම එහි බලපෑමෙන් ජනතාවට හානි සිදු වෙමින් පවති. එම කදු මුදුනට මධ්‍යම පළාතේ ගම්පොල නගර සභාව මගින් කුණු බැහැර කිරිම වලක්වා ගැනිමට ඊට පහතින් සිටින සබරගමුවේ ජනතාව දිවා රාත‍්‍රී විරෝධතා වල නිරත වු අතර බලධාරින් විසින් එ වෙනුවෙන් නිසි ක‍්‍රියාමාර්ගයක් කන්ද නාය යන තෙක්ම සිදු නොකරන ලදි. මෙම පරිසර සංවිධානය පෙන්වා දෙන්නේ දැන් සිදු වන පරිසර හානිය සම්බන්ධයෙන්ද බලධාරින් එකිනෙකාට දෝශාරෝපණය කරමින් මෙ ඇති විය හැකි ගැටලූවට අවදානය යොමු නොකර හොත් ඉදිරියේදි මහ විශාල පරිසර හානියක් සිදු විය හැකි බවයි.

අම්බුළුවාව ජල මුලාශ‍්‍ර සහ ජන ජිවිත සුරකිමේ සංවිධානයේ සභාපති අජන්ත දිසානායක මහතා.

අපි දන්නේ නැහැ මේ මහ විශාල කදු මුදුන් කොහොම පෞද්ගලික බුදලයක් වුනාද කියලා. රක්ෂිතයක් වන් මේ කදු අපි ආරක්ෂා කර ගත යුතුයි. පෞද්ගලික ඉඩම් වුනත් දැන් මේ පරිසර හානිය මගින් බලපෑම රක්ෂිතවය හා පහතින් පිහිටා ඇති වත්තේකඬේ, අම්බලාව, අක්කර 100, බලත්ගමුව, තඹවිට, කෙහෙල්පන්නල ඇතුලූ ප‍්‍රදේශ රැුසකට මේ බලපෑම සිදු වෙනවා.

දැන් මෙහි සංවර්ධන කටයුතු සිදු කරලා කුකුල් ගොවි පොළක් දානවා කියනවා. ඊට පහතින් තියෙන්නේ ගම්මානය වාගේම කුඩා ඔය සහ දස දහස් ගණනක ජනතාව ජලය බොන ජල උල්පත් ඒ සියලූම ජල උල්පත් මේ හේතුවෙන් දුෂණය වෙන්න පුළුවන් ඒ වාගේම මේ ප‍්‍රදේශයේ කැලෑ කොටස් ගස් කොළන් කැපි ගියපුවාම ක‍්‍රමයෙන් ජනාවාස හැදුනාම ඒ ආසන්නයේ ඇති රක්ෂිත කොටසටත් බලපෑම් සිදු වෙනවා.

වර්තමාන ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාට මේ පරිසරය ආරක්ෂා කර ගැනිමේ දැඩි උනන්දුවක් තියෙනවා. ජනපතිතුමනි මධ්‍යම පළාත හා සබරගමුවට මායිම් පිහිටි මේ කදු මුදුනේ මේ විදිහට පරිසර හානියක් සිදු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් බලධාරින් වග කිව යුත්තන් අවදානය යොමු කරන්නේ නැතිනම් ඒ වෙනුවෙන් සොයා බලා කටයුතු කරලා අපිට මේ පරිසරය ආරක්ෂා කර දෙන්න.

අපෙන් පස්සේ අනාගත අපේ දරුවන් මේ ප‍්‍රදේශ වල ජනතාව වතුර නැතිව ගැටලූ රැුසකින් පිඩා විදියි. ගස් කොළන් කපලා කසු මුදුන විනාශ කර දැම්මොත් අලූත් සංවර්ධනයක් සිදු වුන හොත් ඒ හැම දෙයකින්ම සිදු වන්නේ මහ විශාල විවසනයක්. කිහිප දෙනෙකුගේ උවමනාවන් වලට මේ සිදු වෙන්නේ දැඩි පාරිසරික බලපෑමක් කියලා අපිට සහතික කර හැකියි. මේක වලක්වා ගන්න අපිට තියන වුවමනාව කිසිම වගකිව යුත්තෙකුට නොමැති විම මහ විශාල කණගාටුවක් යැයිද පැවසිය.

එම්.ප‍්‍රසන්න කුමාර ( අම්බුළුවාවේ රාජා *

මම මේ ස්ථානයට පෙරේදා එන කොට හවස 6.30 ට විතර ඇති එතකොටත් ගස් කපා ගෙන ලොරි වලින් යනවා දැක්කා. මේ ගස් කොළන් කපා දමන්නේ කන්දේ තියෙන රක්ෂිතයේ තිබෙන ගස් කොළන් කදු මුදුනේ ගස් නැතිව කොහොමද කදු බැවුමේ ඉන්න ජනතාව ජිවත් වෙන්නේ මේ කතා කරන මමත් මහත්තයා වතුර බොන්නේ මේ කන්දේ ජල උල්පත් වලින් ලැබෙන ජලයෙන්.

අපි කාලයක් කන්ද මුදුනට කුණු ගෙනත් දානවාට දිවා ? දුක් වින්දා මැසි මදුරු උවදුර නිසා පිඩා වින්දා අවසානයේ බලධාරින් එක දිගටම කරගෙන ගියා කන්ද නාය ගියා. එහි තිබුණු කුණු කුඩා ඔය දිගේ පහත් බැවුමට ගසා ගෙන ගියා එහි පාරිසරික හානියක අදටත් අපිට තියෙනනවා.

මේ පරිසරය හානිය පොලිසියට කියලා වැඩක් නැහැ ජනාධිපතිතුමනි අපිට ඔබතුමා විශ්වාසයි. ඔබතුමාගේ රජයේ ඉන්න ඇමැති කෙනෙක් වන අම්බුළුවාවේ ගම්පොළ අපේ අනුරාධ ජයරත්න හිටපු අගමැති දිමු ජයරත්න මහතාගේ පුතාත් මේ කන්දේ හෝටලයක් ගහන්න කියලා දැන් කන්ද මුදුනට පාරක් කපලා වැඩ පටන් ගෙන තියෙනවා.

එතුමාගේ තාත්තා එහා කන්දේ අම්බුළුවාව හදලා අනුනව අවුරුදු බදු වලින් එතුමාගේ පවුලේ අය සහ හිතවතුන් අදායම ගන්නවා එතුමාගේ පුතා මේහා කන්දත් අල්ලාගෙන හෝටලයක් හදලා තවත් ආදයම් හොයන්න යනවා මේ ඇමැතිවරු කොහාමද පරිසරය රැුක ගන්නේ යැයිද පැවසිය.

අම්බුළුවාව ජල මුලාශ‍්‍ර සහ ජන ජිවිත සුරකිමේ සංවිධානය විසින් එම බැකෝ වලින් ඩෝසර් කර තිබු ස්ථානයේ සිටම අදාල ප‍්‍රදේශය භාරව කටයුතු කරන ග‍්‍රාම නිලධාරි මහතාට දුරකථන ඇමැතුමක් ගෙන මේ සම්බන්ධයෙන් විමසිමක් කර අතර එහිදි අදාල කොටස භාර ග‍්‍රාම නිලධාරි රත්මල්කඩුව ආර්.පී.ජි ගොඩමුල්ල මහතා මෙසේ පැවසිය.

ඔබගේ සංවිධානය විසින් මට මෙහි පාරිසරික හානියක් වෙනවා කියලා මට පැමිණිල්ලක් දුරකථනයෙන් කලා කියලා මම මාගේ දින පොතේ සටහන් කර ගන්නම්. අදම ඇවිත් අදාල ප‍්‍රදේශය නිරික්ෂණය කරලා බලන්නම් එතකම් ඔයාලා මේ ප‍්‍රදේශයේ මේ විදිහට සංවර්ධනය කරන එම පුද්ගලයාට බලපෑම් කරන්න යන්න එපා අපිට ලිඛිතවත් ඔබතුමල්ලාගේ සංවිධානයෙන් ලියුමක් දෙන්න ඒ අනුව පරිසරයට හානියක් වන දෙයක් වනවා නම් අපි එක වැලක්විමට කටයුතු සිදු කරන්නම් යැයිද පැවසිය.

කෙසේ වෙතත් අපිට දැන ගැනිමට හැකි වු පරිදි මාවනැල්ල අම්බලාව ග‍්‍රාම නිලධාරි මහතා පැවසුයේ කදු මුදුන් වල කිසිදු පස් කැපිමක් හෝ සංවර්ධනය කටයුත්තක් අවසරයකින් තොරව සිදු කිරිමට නොහැකි වන බවයි. ජනතාවද පැවසුයේ ඉදිරියේදි මේ ප‍්‍රශ්නය වෙනුවෙන් බලධාරින් විසදුමක් ලබා නොදුන හොත් මෙම පාරිසරික හානිය වැලැක්විමට ගම්වාසින් සමග විරෝධතාවයක නිරත වන බවයි. එමෙන්ම වැසි දිනයන් වලදි පහත් බැවුම් වලට පස් සේදි එම් මෙන්ම ජල උල්පත් වල බොර ජලය මෙන්ම උල්පත් සිඝ‍්‍රයෙන් සිදි යෑ හැකි බවද ජනතාව පවසයි.

– සමන් විජය


No comments:

Powered by Blogger.