Header Ads

Breaking News
recent

මේ ලෝකේ බෑ කියලා දෙයක් නැහැ - ඇත්තටම ෆීල්ඩ් එක හොඳ තැනක් - මධුෂානි පිරීස් [PHOTOS]

මේ ලෝකේ බෑ කියලා දෙයක් නැහැ.
මට මුදලක් ගෙවනවා නම් ඒකට 
මම මගේ උපරිම සාධාරණය කරන්න ඕනේනේ

දක්ෂ නිරූපණ ශිල්පිනියක් වන මධුෂානි පිරීස්ව මෙවර සාරවිට කතාබහට එකතු කරගන්නට උත්සාහ කළේ ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් බොහෝ දුර යෑමට බලාපොරොත්තුවෙන් ඉන්න නිසායි.

මධුෂානි මේ වනවිට විවිධ නිර්මාණ කිහිපයකින්ම දැකගන්නට ලැබෙනවා.

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?
මගෙ නම මධුෂානි පීරිස්. මම පෞද්ගලික ආයතනයක සේවය කරනවා. ඊට අමතරව නිරූපණ ශිල්පිනියක් ලෙසත් වැඩකටයුතු කරනවා.

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?


මගෙ නම මධුෂානි පීරිස්. මම පෞද්ගලික ආයතනයක සේවය කරනවා. ඊට අමතරව නිරූපණ ශිල්පිනියක් ලෙසත් වැඩකටයුතු කරනවා.

නිරූපණයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මුලින්ම නිරූපණයට එකතු වුණේ නිමි ඇඳුම් ආයතනයක ඇඳුම් විලාසිතා ෂූට් එකකට. එතනින් පස්සේ මටත් හිතුණා නිරූපණයට එකතු වෙන්න ඕනේ කියලා. ඊටපස්සේ බ්‍රයිඩ්ල් ෂූට්, මියුසික් වීඩියෝ, ෆොටෝෂූට්වලට පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. දැනට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා අවුරුදු හතරක් පමණ වනවා.



මේ කාලය තුළදි ලැබුණු අත්දැකීම් ගැන කිව්වොත්?

ඇත්තටම ෆීල්ඩ් එක හොඳ තැනක්. අත්දැකීම් ගොඩක් ලැබුණා. ගොඩක් අයව හඳුනාගත්තා. අළුත් වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා.

දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?

වෙළඳ දැන්වීමකට සම්බන්ධ වෙලා තිබෙනවා. එතකොට මියුසික් වීඩියෝ රැසකටම සම්බන්ධ වෙලා තියෙනවා.

රැකියාවත් සමග නිරූපණ වැඩකටයුතු කරන්නේ කොහොමද?

මේ ලෝකේ බෑ කියලා දෙයක් නැහැ. අපි එක තත්පරයක් හෝ අපතේ යවන එක ඇත්තටම බොරු වැඩක්. ඉතින් මම හැමදේම කාලයත් සමග සමබර කරගෙන වැඩ කටයුතු කරගෙන යනවා. ඔය ප්‍රශ්නේ මගෙන් ගොඩක් අය අහනවා.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

අම්මා තමයි හැමදේකම පිටිපස්සේ ඉන්නේ. එතකොට පවුලේ අනිත් අයගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.

රංගනයට එකතු වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

රංගනය කියන්නේ ටිකක් ලොකු වැඩක්. මේ කරන වැඩ ටිකත් එක්ක ඒ වගේ ලොකු දෙයකට යොමු කරන්න ටිකක් අමාරුයි. ආරාධනා කිහිපයක් නම් ලැබුණා. ගොඩක් වැඩ කරන්න අමාරුයි මට ලැබෙන පොඩි කාලය තුළ.

නිරූපණ ක්ෂේත්‍රයේ අද තත්වය කොහොමද?

ඇත්තටම ක්ෂේත්‍රය හොඳයි. ගැහැණු ළමයෙකුට ඉදිරියට යන්න පුළුවන් හොඳ තෝතැන්නක්. හරි විදිහට තමන්ගේ වැඩ කරගෙන ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳ තැනක්.

පැජන්ට්වලට සහභාගී වෙලා තියෙනවාද?

නැහැ. සම්බන්ධ වෙලා නැහැ.

ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ගොඩක් අයගෙන් සහය ලැබිලා තියෙනවා. මම හඳුනන ප්‍රවීණ ශිල්පීන් ගොඩක් ඉන්නවා. එයාලා ගොඩක් උදව් කරලා තියෙනවා.



නිරූපණය පැත්තෙන් තිබෙන ලොකුම බලාපොරොත්තුව මොකද්ද?

මම එකපිට වැඩ ගොඩක් බාරගන්නේ නැහැ. වැඩක් බාර ගත්තාම ඒක හරියට කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මට මුදලක් ගෙවනවා නම් ඒකට මම මගේ උපරිම සාධාරණය කරන්න ඕනේනේ. ලොකු බලාපොරොත්තු නම් නැහැ. පුළුවන් කාලයක් ක්ෂේත්‍රයේ වැඩකරගෙන යනවා.

මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

නම් ගම් වශයෙන් කියන්න අමාරු ලොකු පිරිසක් මගේ පිටිපස්සේ ඉන්නවා. එක නමක් හරි අමතක වුණොත් ඒ කෙනාට කරන අසාධාරණයක්. ඒ නිසා මට උදව් කළ හැමදෙනාටම මම ස්තූතියි කරනවා.

කැළුම් දේවින්ද


No comments:

Powered by Blogger.