Header Ads

Breaking News
recent

ඇමති ලේකම්ලාගේ විරෝධය නිසා ජනාධිපති ලේකම් නැගිට යයි

කැබිනට් අමාත්‍යවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවක් අතරමගදී ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා ඉන් ඉවත්ව ගොස් ඇති බව වාර්තාවෙයි.

මීට හේතු වී ඇත්තේ ජනාධිපති ලේකම්වරයා ලෙස පී.බී. ජයසුන්දර මහතා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට ඇමතිවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන් විරෝධය පල කිරීමයි.
අමාත්‍යවරුන් ගේ පුද්ගලික ලේකම්වරුන් රජයේ ආයතන හා දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය පරිපාලනයට මැදිහත් නොවිය යුතු බව දන්වමින් ජනාධිපති ලේකම්වරයා විසින් අදාල චක‍්‍රලේඛය නිකුත් කර තිබින.


No comments:

Powered by Blogger.