Header Ads

Breaking News
recent

ජූනි 20 ඡන්දය නෑ.. ජූලි මුල් සතියේ.. අධිකරණ නියෝගය එන තෙකේ කොමිසම වැඩ

දිරි මහ මැතිවරණය ජූලි මස දෙවැනි සතියේ පමණ පැවැත්වීමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට පෙර නැවත වරක් කොමිසම විසින් වෛද්‍ය නිර්දේශ ලබා ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් දැනට දින නියමකර ඇති පරිදි ජූනි 20 දින මහමැතිවරණය නොපැවැත්වෙනු ඇතැයි කියැවේ.

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට්ටුව අවලංගු කරන ලෙසත් පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසත් ඉල්ලා දැනටමත් අධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම් තිබියදී මහ මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් ඇත්දැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දුන් සභාපතිවරයා සඳහන් කළේ මැතිවරණ ක්‍රියාවලිය අත්හිටුවන ලෙස නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් නොකළොත් එම කටයුතු දිගටම අඛණ්ඩව සිදුකරන බවය.

– deshaya


No comments:

Powered by Blogger.