Header Ads

Breaking News
recent

රාජ්‍ය සේවක වැටුප් සඳහා මසකට යන රු.බි.54, රු.බි.100ක් වුණේ කොහොමද ? - ආචාර්ය ජයසුන්දරට වැරදිලාද? (VIDEO)

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සදහා  රජය මසකට රුපියල් බිලියන 100 ක මුදලක් වැය කරන බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා  සඳහන් කරන නමුත් එය ගණනය කර ඇති අකාරය සම්බන්ධයෙන් සැකයක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.

මහ බැංකු හා මුදල් අමාත්‍යාංශයේ වාර්තා අනුව රජයේ සේවකයන්ගේ වැටුප් සඳහා මසකට වැය වන්නේ රු.බිලියන 54ක පමණ මුදලක් වන අතර එය රු.බිලියන 100 ක් වූයේ කෙසේද යන්න ජයසුන්දර මහතා ජනතාව දැනුවත් කළ යුතු බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

රජයේ වැටුප්වලින් වැඩිම කොටසක් වැය වන්නේ පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවේ වැටුප් ගෙවීමට වන අතර ජයසුන්දර මහතා පවසන්නේ මේ මොහොතේ ඔවුන්ද සිය වැටුප නොලබා වැඩ කළ යුතුද යන්න පැහැදිලි කිරීම වැදගත් බව හර්ෂද සිල්වා මහතා  කියාසිටියි.

කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශය විසින් ජනතාව නොමඟ යාවා ඇත්දැයි යන ප්‍රශ්න මෙහිදී මතුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 

No comments:

Powered by Blogger.