Header Ads

Breaking News
recent

යාපනයේ සැකකරුවන් අත්අඩංගුවට ගන්න ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිරිසක් වටකරගෙන පහරදෙයි.

යාපනය මාණිප්පායි, සන්දිලිපායි ප්‍රදේශයේදී පැමිණිල්ලක් වෙනුවෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ඊයේ (09) දින තරුණයින් පිරිසක් පහරදීම හේතුවෙන් එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර පහරදුන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට මාණිප්පායි පොලීසිය පවසයි.

තරුණියකට පහරදීමක් සම්බන්ධයෙන් සැකකාර තරුණයින් පිරිසක් සන්දිලිපායි ප්‍රදේශයේ සැඟව සිටින බවට ලැබුනු තොරතුරකට අනුව එම ප්‍රදේශයට ගිය උපපොලිස් පරික්ෂක වරයෙකු හා පොලිස් කොස්තාපල් වරයෙකුට මෙම පහරදීම සිදුව ඇති අතර පහරදීම සඳහා 15 දෙනෙකු පමණ පැමිණි බවටත් ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව පොලිස් නිලධාරීන්ට පහරදීම මැඩපවත්වාගෙන ඇති අතර පොලිස් කොස්තාපල් වරයා පමණක් සුලු තුවාල ලබා ඇත.

එහිදී මාණිප්පායි පොලීසිය විසින් අදාල පහරදීම සමබන්ධයෙන් සිදුකල සෝදිසි පරික්ෂණයකදී පහරදීමට සමබන්ධ සන්දිලිපායි ප්‍රදේශයේම පදිංචි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පහරදීමට සමබන්ධ සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන මාණිප්පායි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Powered by Blogger.