Header Ads

Breaking News
recent

මුලින් A/L.. ඊළගට O/L.. පාසැල් යලි අරින්නේ මෙහෙමයි.. තීරණාත්මක සාකච්චාව අද !

කොරෝනා ව්‍යාප්තියේ හේතුවෙන් වසා දමන ලද රජයේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් හා සෞඛ්‍ය බලධාරීන් අතර මෙම සාකච්ඡාව පැවැත්වේ.
උසස් පෙළ සිසුන් සඳහා පළමුවත් දෙවනුව සාමාන්‍ය සිසුන් සදහාත් අවසාන අදියරේදී සෙසු සිසුන් සදාහාත් පාසල් ආරම්භ කිරීමට රජය අදහස් කරයි.

පාසැල් නැවත ආරම්භ කිරීමට පෙර සෞඛ්‍ය නිර්දේශ අනුව අවශ්‍ය සියලුම සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ රජයේ වියදමින් පාසල් වලට ලබාදෙන බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.


No comments:

Powered by Blogger.