Header Ads

Breaking News
recent

කෝවිඩ් නිසා මියයන මුස්ලිම් ජාතිකයින්ගේ අවසන් කටයුතු ගැන රිෂාඩ්ගෙන් ජනපතිට ලිපියක්

රිෂාඩ් බදියුදීන් මහතා කොවිඩ් 19 වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

එහි දැක්වෙන්නේ කොවිඩ් 19 වෛරසයෙන් මිය යන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු අඛණ්ඩව ආදාහනය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.

එම නිසා කොවිඩ් වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ උපදෙස් මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන මළසිරුරු භූමදානය කිරීම සදහා අනුමැතිය ලබාදෙන ලෙස රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් ඉල්ලා තිබේ.

No comments:

Powered by Blogger.