Header Ads

Breaking News
recent

නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයාගේ මාධ්‍යය අංශයේ නිලධාරියෙකුගේ නිවසට පෙට්‍රල් බොම්බ ප්‍රහාරයක්



නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයාගේ මාධ්‍යය අංශයේ නිලධාරියෙකුගේ නිවසට පෙට්‍රල් බොම්බ ප්‍රහාරයක් එල්ල වෙයි.
නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතාගේ මාධ්‍යය අංශයේ නිලධාරියෙකුගේ නිවසට (10) දින අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ දෙමහල් නිවසටයි පෙට්‍රල් බොම්බ ප්‍රහාරය එල්ල වි ඇත්තේ.
තමන් සහ බිරිද නිවසේ උඩු මහලේ නිදා සිටියදි අලුයම 1 ට පමණ විශාල ශබ්දයක් ඇසුණු බවත්, පසුව නිවසේ විදුලි අලෝකය දල්වා පරික්ෂා කර බැලිමේදි කිසිවෙකුත් නොසිටි බව නිවසේ හිමිකරු උදිත ඉන්දික ගංහේවා මහතා පැවසිය.

උදිත ඉන්දික ගංහේවා මහතා නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහාතාගේ ඥාතියෙකුද වන අතර ඔහු සභාපතිවරයාගේ මාධ්‍යය කටයුතු වලට අමතරව සභාපතිවරයාගේ රියදුරෙකු වශයෙන් කටයුතු කරනු ලබයි.

පෙට්‍රල් බොම්බ ප්‍රහාරයෙන් තම නිවසේ පහල මහලට දැඩි ලෙස අලාභ හානි සිදු වි ඇති බවත්, මෙම ප්‍රහාරය එල්ල කලේ කවුරුන්ද යන්න තමන්ට නිශ්චිත වශයෙන් කිව නොහැකි බව උදිත ඉන්දික ගංහේවා මහතා පැවසිය.

පෙට්‍රල් බොම්බ ප්‍රහාරය එල්ල විම සම්බන්ධයෙන් සොයා බැලිමට නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතාද එම ස්ථානයට පැමිණ සිටි අතර ප්‍රහාරය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.



No comments:

Powered by Blogger.