Header Ads

Breaking News
recent

අවදානම් කලාප නොවන දිස්ත‍්‍රික්කවල රාත‍්‍රි ඇදිරි නීතියද ඉවත් කිරීමට සූදානම්.. කොරෝනා මතුවුනොත් ප‍්‍රදේශය වසා දමයි..

හෙට සිට සාමාන්‍ය ජන ජීවිතය සඳහා රට යම් ප්‍රමාණයකට විවෘත කිරීමෙන් පසු නැවතත් කොරෝනා ආසාදිතයන් හමුවුනහොත් එම ප්‍රදේශය පමණක් වසා දැමීමට රජයේ අවධානය යොමු වී තිබේ.

මාස එකහමාරකට පමණ පසු හෙට දිනයේ බස්නාහිර සහ පුත්තලම දිස්ත්‍රික්ක වලද සීමාවන්ද ලිහිල් කිරීමට නියමිතව ඇත.

එසේ සීමා ලිහිල් කර පසු කොරෝනා ආසාදිතයන් හමුවුනොත් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම ප්‍රදේශයෙන් පමණක් තාවකාලිකව වසා දමා රෝගීන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

එමෙන්ම අවදානම් දිස්ත්‍රික්කයන්හි හැර සෙසු දිස්ත්‍රික්කවල රාත්‍රී කාලයේ දීද ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත.

No comments:

Powered by Blogger.