Header Ads

Breaking News
recent

පාස්කු විමර්ශන ඈඳා කප්පම් ගන්න කල්ලියක් - ආරක්‍ෂක අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයේ විමර්ශනවලදී නම හෙළිවී තිබෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ට තර්ජනය කර ජංගම දුරකථනවල ඇති මුදල් හුවමාරු ක‍්‍රම ඔස්සේ කප්පම් ලබා ගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳ පොලිසිය තොරතුරු හෙළි කරගෙන තිබේ.

එසේ කප්පම් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ආරක්‍ෂක අමාත්‍යංශය මහ ජනතාවට දැනුම් දී සිටී.

ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යංශයේ පැවැති රැුස්වීමක දී පොලිසිය මේ පිළිබඳව අනාවරණය කර ඇත.

අදාළ සංවිධානාත්මක කල්ලිය මෙහිදී රුපියල් 25000-50000 ආදී වශයෙන් මුදල් ඉල්ලා තර්ජනය කර තිබෙන බව ද පොලිසිය හෙළිකර තිබේ.

මේ පිළිබඳව දැනටමත් විමර්ශන අරඹා තිබෙන අතර මෙහිදී ජනතාවද බුද්ධිමත්ව කි‍්‍රයා කළ යුතු බව ආරක්‍ෂක ලේකම්වරයා ස`දහන් කරයි.

කිසියම් පුද්ගලයකු මෙවැනි දුරකථන ඇමතුම් ලබා දුනහොත් ළ`ගම ඇති පොලිස් ස්ථානයට හෝ 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ද ආරක්‍ෂක අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සමන් ගමගේ


No comments:

Powered by Blogger.