Header Ads

Breaking News
recent

මැතිවරණයට අතුරු තහනමක් නිකුත් කිරීම ප‍්‍රතික්‍ෂෙප කෙරේ.. මැතිවරණයේ සියළු තීන්දු ගැනීමට කොමිසමට හැකි බව අගවිනිසුරු කියයි

ජුනි මස 20 වනදා පැවැත්වීමට දින නියම කර ඇති පාර්ලිමේන්තු මැතිවරණයට විරුද්ධව ගොනු කර තිබෙන පෙත්සම් වල කරුණු තහවුරු කරන තෙක් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු තීන්දු තීරණ ගැනීමට මැතිවරණ කොමිසමට හැකියාව ඇති බව අග විනිසරු ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේය.
මැතිවරණය පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් ඊයේ දිනයේ කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරුවරයා මේ බව කියා සිටියේය.

පෙත්සම්කරුවන්ගෙන් කරුණු විමසීමෙන් පසු අගවිනිසුරුවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඇතුළු සියළු පාර්ශවයන්ගෙන් අදහස් විමසිය යුතු බවයි.

එතෙක් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ සියලු තීරණ ගැනීමට මැතිවරණ කොමිසමට හැකියාව ඇති බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම රටේ පවතින වාතාවරණය අනුව අධිකරණය ශාලාව තුළ බොහෝ වේලාවක් නඩු විභාග නොකළ යුතු බවද පැවසූ අගවිනිසුරුවරයා ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධ කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 18 සහ 19 දෙදින තුළ නැවත කැඳවන බවද පැවසීය.

අදාල මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ට අද දිනයේ මනාප අංක නිකුත් කිරීමට කොමිසම සූදානම් වන බවත් ඊට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලුවද ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදී.


No comments:

Powered by Blogger.