Header Ads

Breaking News
recent

සමගි ජන බලවේගයෙන් රනිල්ට එරෙහිව විශ්වාසභංගයක්

ක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම සඳහා විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. සමගි ජන බලවේගයේ විශේෂ රැස්වීමකදී පසුගිය සිකුරාදා (29වැනිදා) පස්වරුවේ මෙම තීරණය ගනු ලැබීය. මෙම විශ්වාස භංග යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ මීළඟ කාත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.


පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගනු ලැබූ තීන්දුවලට පිටුපා කටයුතු කිරීම, බහුතර සාමාජිකයන්ගේ කැමැත්තට අනුව සමගි ජන බලවේගය පිහිටුවීමට ලබාදුන් තීන්දුවට එරෙහිව කටයුතු කිරීම, පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැවැටීම, වත්මන් රජය සමග රහසිගතව සම්බන්ධ වී කටයුතු කිරීම, පාක්ෂිකයන්ගේ විශ්වාසය බිඳ දමා රැවැටීම යන කරුනු එම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂ කාත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් 40 දෙනකු මේ වන විට නියෝජනය කරන්නේ සමගි ජන බලවේගයයි.


No comments:

Powered by Blogger.