Header Ads

Breaking News
recent

මෙරට මුල්පෙළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් කුඩු සමඟ කොටු

මෙරට මුල්පෙළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන 25 හැවිරිදි පුද්ගලයකු 23දා පන්නල - හොරවඩුන්න ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 700ක් සමඟ අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය පවසයි.
මෙම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා කලක පටන් හෙරොයින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූවකු බවත් ඔහු සමඟ කුඩපොත්ත ප්‍රදේශයේ පදිංචි තවත් 24 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර 24 හැවිරිදි ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 810ක් සිය භාරයට ගත් බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර පන්නල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්න මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රණතුංග මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම කර ඇත.

වඩුමුන්නේගෙදර - තිළිණි පවිත්‍රා


No comments:

Powered by Blogger.