Header Ads

Breaking News
recent

පෙරටුගාමී විරෝධයේදී පොලිසියට මුලින් පහර දුන්නේ විරෝධතාකරුවන්.. පොලිසිය ප‍්‍රති ප‍්‍රහාර එල්ල කලා පමණයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේදී පවත්වන ලද උද්ඝෝෂණය පාලනය කිරිම සදහා පොලිසිය මැදිහත් වූ අවස්ථාවේ මුලින්ම පහර දුන්නේ විරෝධතාකරුවන් විසින් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඒ බව පටිගත කරන ලද වීඩියෝ දර්ශන වලින් පැහැදිලිව පෙනී ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.

එම පහර දීමට එරෙහිව ප්‍රතිප්‍රහාරයක් ලෙස පොලීසිය විසින් පහරදීමේ දී අදාළ තත්ත්වය නිර්මාණය වූ බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් එම ප්‍රහාරය ජනාධිපති හෝ කැබිනට් මණ්ඩලය අනුමත නොකරන බව ද ඔහු කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.


No comments:

Powered by Blogger.