Header Ads

Breaking News
recent

උස්සා විසිකිරීම හරිද? ජාලියගෙන් උපුල් අසයි !

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ උද්ගෝෂණයට පොලිසිය පහරදීමේ වරදක් නැති බවත්, ඊට සහභාගිවූ තරුණියක පොලිස් ජීප් රථයකට උස්සා විසි කිරීම හේතුව එම තරුණියගේම ක්‍රියා කලාපය නිසා යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ ජාලිය සේනාරත්න මහතා විසින් පුවත් පතකට කරන ලද ප්‍රකාශයට මේවන විට විවේචන එල්ලවී තිබේ.

මේ අතර, ජ්‍යෙෂ්ඨ නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා ද සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අදාළ කාරණාව සම්බන්ධයෙන් විවේචනයක් එල්ල කර ඇත.

එම සටහනේ මෙසේ දැක්වේ.

උස්සා විසි කිරීම හරිලු.                                                                                                                                                                                 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාව මෙහෙම කියනව, 

"කිසිම තැනැත්තෙකු වධ හිංසාවකට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලට යටත් නොකල යුත්තේය."උස්සා වීසි කිරීම වධ හිංසාවක්ද? කෲර හෝ අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලක්ද? එසේ නැත්නම් ඒ කිසිවක් තුලට නොවැටෙන කෙනෙකුගේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයේ කොටසක්ද?"


No comments:

Powered by Blogger.