ඊයේ හදුනාගත් මුළු COVID 19 ආසාදිතයින් ගණන 3ක් !
මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව 1880ක් දක්වා ඉහල ගොස් තිබේ.
ඒ ඊයේ (13) දිනය තුළ හදුනාගත් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් තිදෙනා සමඟයි.
ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වන අතර ඔවුන්ගෙන් එක් අයෙකු විඩත්තලෙයි නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන අතර අනෙක් නාවික හමුදා සාමාජිකයා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන බව සදහන්.
එමෙන්ම ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර කුවේට් හි සිට මෙරටට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන අයෙකු ද වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්යින්ටීන් ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 884 දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් 657 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.
මෙරටින් හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 1196දෙනෙකු මේ වන විට සූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 673 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබයි.
එම ආසාදිතයින් අයි.ඩී.එච්, ඉරණවිල, හෝමාගම, කාත්තන්කුඩි, වැලිකන්ද, හම්බන්තොට, මිනුවන්ගොඩ, මුල්ලේරියාව, තෙල්දෙණිය, පනාගොඩ යුද හමුදා සහවැලිසර නාවික හමුදා යන රෝහල් වල ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

No comments: