Header Ads

Breaking News
recent

බණ 800කට වඩා කියලා ගෝඨාභය දිනෙව්වේ මහින්දටයි හොරු රැළටයි පරණ පාරේ යන්න නෙවෙයි - ඥානසාර හිමි

ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති කරවීම සඳහා තමන් මැදිහත් වූයේ මහින්ද රාජපක්ෂ මහතාටත් ඔහුගේ පරණ හොරු රැළටත් මේ රට පරණ පාරේම රැගෙන යාමට ඉඩදීම සඳහා නොවන බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි අවධාරණය කරයි.

"දැක්කනෙ ඊයෙ පෙරේදා අර කුරුණෑගල නගරාධිපති .... බුවනෙක හෝටලේ හරි මොකක් හරි පැරණි ගොඩනැගිල්ල කියමුකෝ. ඒක 2014දි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාම සංරක්ෂණය කළයුතු ගොඩනැගිල්ලක් හැටියට නම් කරනවා. ගොඩනැගිලි 10න් 6 වෙනි ගොඩනැගිල්ල විදියට. ජොන්ස්ටන් කියනවා මගේ මිනිහා නගරාධිපති, මයිලකට අත තියන්න දෙන්නෑ කියලා.

පුරාවිද්‍යාවෙන් දාපු කමිටුව කියනවා මේකෙ වරදක් වෙලා තියෙනවා අනිවාර්යයෙන් නීතිය හමුවට පමුණුවන්න ඕනෙ කියලා. ඊට පස්සෙ පොහොට්ටුවෙ සභාපති හාමුදුරුවො ඇවිල්ලා කියනවා පොහොට්ටුවෙ වීම නිසා නෑ, නෑ, මේක මේ දේශපාලනේ. මේකෙ ගණං ගන්න දෙයක් නෑ කියලා. අනිත් පැත්තෙන් ආණ්ඩුවෙ නිර්දේශයක් එනවා ලක්ෂ 90ක් යනවා ඒක නගරසභාවේ සහ පළාත් සභාවේ සල්ලිවලින් පිළිසකර කරන්න ඕනෙ කියලා. ඉතිං ගෝඨාභය මහත්තයා කියනවා ඊයෙද පෙරේදා ද කොහෙද නෑ නෑ නෑ ඒක අර මේ බුවනෙක කියන්නෙ අහවලාගෙ පුතානෙ කියලා. එහෙනම් මොන බම්බුවකටද ලක්ෂ 90ක් වෙන් කරන්නෙ අරක හදන්න ? ඕක සමතලා කරා නම් ඉවරයිනෙ.

මෙන්න මේගොල්ලොන්ගෙ දේශපාලනේ ! අපි මේ පරණ පාරෙම මුංව අරන් යන්නද ගෝඨාභය වගේ කෙනෙකුට කතිරෙ ගැහුවෙ ? නැහුණෙ අපි ?

බණ 800කට වඩා කියලා තියෙනවා මම මේ රටේ, මේ මතය හදන්න. එක බණකට මිනිස්සු දෙතුන් දාහ ඇවිල්ලා තියෙනවා බණ අහන්න. යූඑන්පී කාරයො ඇවිල්ලා කියලා තියෙනවා ඔබවහන්සේ කියන කතාව ඇත්ත ගහන්නෑ මේ පාර කියලා. එහෙමයි අපි ඔසවලා තිබ්බෙ. හැබැයි ඒ මහින්ද මහත්තයාටයි එයාගෙ පරණ හොරු රැළටයි මේක පරණ පාරෙම අරන් යන්න නෙවෙයි ඒක කළේ" යනුවෙනුයි එහිමි සඳහන් කළේ.

ඥානසාර හිමි මේ බව පැවසුවේ පසුගියදා පැවති ජනහමුවක් අමතමිනි.


No comments:

Powered by Blogger.