Header Ads

Breaking News
recent

චොකා මල්ලි මරණ දඬුවමෙන් නිදහස් කර ගන්න සූදනම්

ධිකරණය විසින් මරණ දඩුවම නියම කරන ලද රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නිදහස් කර ගැනීම සඳහා නීත්‍යානුකූලව කළ හැකි සියලු කටයුතු කරන බව එම දිස්ත්‍රික් අපේක්ෂක ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

ඉදිරි දින කිහිපයේදී නඩු තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බවද ඔහු පවසයි.

ඔහු රත්නපුර දිස්ත්‍රික්කයට විශාල වැඩකොටසක් සතු නායකයෙක් බවත් එනිසා අදාළ දඬුවමින් නිදහස් කර ගැනීම සඳහා ඇප කැපවී කටයුතු කරන බවද වක්කුඹුර මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

2015 වසරේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර හිටපු මන්ත්‍රීවරයා වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය විසින් ඔහුට මරණ දඬුවම නියම කළේය.


No comments:

Powered by Blogger.