Header Ads

Breaking News
recent

දේපළ ඉල්ලා මවට පහරදුන් මිනුවන්ගොඩ අජාසත් පුතා රක්ෂිත බන්ධනාගාරයට

80 වියැති තම මවට පහරදුන්  පුද්ගලායකු 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා. මිනුවන්ගොඩ මහේත්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා වෙත ඉදිරිපත් කළ සැකකරු දේපළ තමන්වෙත පවරා දෙන ලෙස මවට මරණීය තර්ජන එල්ල කර ඇති බවත් නිවස තුළට දමා මවට අමානුෂික ලෙස පහරදී ගෙල නූලකින් තද කර ඇති බවටත් කරුණු අනාවරණය වී තිබෙනවා.

මවගේ කෑ ගැසීම නිසා අසල්වැසියන් පැමිණ ඇය ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිර තිබෙනවා.

මෙලෙස මවට පහර දුන් තරුණයා මිනුවන්ගොඩ උතුරු වැලියේ පදිංචි අවිවාහක පුද්ගලයෙකි. සිද්ධිය පිළිබඳ වැඩි දුර පරීක්ෂණ මිනුවන්ගොඩ පොලීසිය විසින් සිදු කරනු ලබනවා.

No comments:

Powered by Blogger.