Header Ads

Breaking News
recent

පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන මත් උවදුරින් නිදහස් සුරක්ෂිත පරිශ්‍ර බවට පත්කිරීමට උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක්


මත් උවදුර රටින් තුරන් කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික වැඩපිළිවෙළට සමගාමී ව පාසල්, සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් අනෙකුත් සියලු අධ්‍යාපන ආයතන මතින් තොර පරිශ්‍ර බවට පත්කිරීම වෙනුවෙන්  ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධව උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

පාසල් ප්‍රමුඛ  අනෙකුත් අධ්‍යාපන ආයතන මෙන් ම අධ්‍යාපනික අවශ්‍යතා සඳහා යොදාගනු ලබන අනෙකුත් සියලු බාහිර පරිශ්‍රයන් තුළ මත්ද්‍රව්‍ය, මද්‍යසාර,  දුම්කොළ ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන හෝ මත්ද්‍රව්‍ය ආදේශක වශයෙන් යොදාගන්නා සියලු නිෂ්පාදන  ප්‍රවර්ධනයට, භාවිත කිරීමට හෝ අලෙවියට ඉඩදීම සපුරා වැළැක්වීමට ආයතන ප්‍රධානීන් විසින් මැදිහත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී තිබේ.

මීට අමතර ව, මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් සිසුන් ඇතුළු ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ඒ සඳහා ආයතනික මට්ටමින් සම්බන්ධීකරණ කමිටු පිහිටුවීම ඇතුළු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙම චක්‍රලේඛය මගින් දැනුවත් කෙරෙන අතර, මෙරට දරුපරපුර මත් උවදුරෙන් වළක්වාගැනීම වෙනුවෙන් වන ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මෙමගින් පිටුබලයක් සැලසෙනු ඇත.

No comments:

Powered by Blogger.