මගේ පින්තූර ගහන්න එපා.. තමන් කල වැඩ කියා ඡන්දය ඉල්ලන්න.. අපේක්‍ෂකයන්ට තම පින්තූරය භාවිතය තහනම් කරමින් ජනපති දන්වයි
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් තමන්ගේ ප්‍රචාරක කටයුතු සඳහා තම පින්තූරය භාවිතා නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුම් දී ඇත. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුම් දී ඇත්තේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා තමන් පින්තූරයක් භාවිතා නොකරන ලෙස ආහාර රජයේ සේවකයන් දේශපාලන කටයුතු යොදා නොගන්නා ලෙස දැනුම් දෙන ලෙසයි.
රජ්‍ය සේවයේ නිරත වන කිසිවෙකු දේශපාලන කටයුතුවලට සම්බන්ධ විය නොවිය යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් විසින් තමන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ජනාධිපතිවරයා ගේ පින්තූර භාවිතා කරන බවට හා රාජ්‍ය සේවකයන් ඊට සම්බන්ධ කර ගන්නා බවටත් තොරතුරු ලැබී ඇති බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් සියලු ආන්ඩුකාරවරුන් අමාත්‍යංශ ලේකම්වරුන් දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සංස්ථා මණ්ඩල ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන්ට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

No comments: