Header Ads

Breaking News
recent

ඡන්ද පොල ස්ථානාධිපතිවරුන් 10ක් එම රාජකාරියෙන් නෙරපයි

මැතිවරණ රාජකාරි සදහා තොරාගෙන සිටි ජෙෂ්ඨ ජන්ද ස්ථානාධිපතිවරුන් දසදෙනෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලින් ඉවත් කර ඔහුන් එරෙහිව විමර්ෂණයක් සිදු කිරිමට කටයුතු කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් රෝහණ පුෂ්පකුමාර මහතා කියා සිටියේ ගුරුවරුන් පිරිසක් ජෙෂ්ඨ ජන්ද ස්ථානාධිපතිවරුන් වශයෙන්  රාජකාරි කිරිම සදහා අයදුම් කර තිබු බවයි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරිවරයා කියා සිටියේ

ඔහුන් කිසියම් දේශාපලන පක්ෂයක රැස්විම් වලට සහභාගි වි ඇති බවට අපිට පැමිණිල්ලක් ලැබුණා.

ඒක තහවුරු කරන්න පුළුවන් සාක්ෂි ඉදිරිපත් කරලා තියෙනවා. ඡායාරුප පවා ලැබිලා තියෙනවා.

ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණ කටයුතු සිදුකරගෙන යනවා.

ඒ අය දේශපාලන අයිතිවාසිකම් භුක්තිය ලබන්න බැරි පිරිසක් විදිහට තමයි එ නිලධාරින් නම් කරලා තිබුණේ.

මේ නිලධාරින්ව ඉවත් කරාට අපිට ඕනි තරම් නිලධාරින් ඉන්නවා එ වෙනුවට වෙනත් නිලධාරින් පිරිසක් පත් කරලා තියෙනවා.

ජන්ද මධ්‍යස්ථාන සදහා ජන්ද පෙට්ටි සහ අනෙකුත් උපකරණ නිකුත් කිරිමේ මධ්‍යස්ථාන තුනකදි සිදු කරනවා.

වෙනදාට එක් ස්ථාන තමයි සිදු කරන්නේ , මේ කොරොනා වෛරස් අවධානම නිසා එක ජන්ද ගණන් කිරිමේ ස්ථානයකට සිමිති ජන්ද  ප්‍රමාණයක් දලා තියෙනවා.

නුවරඑලිය ගාමිණි  ජාතික පාසලේ නුවරඑලිය මස්කෙලිය ආසනයේ ජන්ද ගණන් කිරිමටත් , නුවරඑලිය කාර්මික විද්‍යාලයේ කොත්මලේ ආසනයත් ,  හගුරන්කෙත සහ වලපනේ ආසන සදහා නුවරඑලිය ත්‍රිත්ව දමිල පාසලත් , (04) දින උදැසන 7 සිට ජන්ද පෙට්ටි නිකුත් කිරිමට අපි කටයුතු කරනවා.

ජන්ද මධ්‍යස්ථාන 498 ක් තියෙනවා , ජන්ද පොල නිලධාරින් හාරදහස් එකසියක් යෙදාගෙන ඉන්නවා සෞඛ්‍යය කාර්යය මණ්ඩලය සමග ,ජන්ද ගණන් කිරිම සදහා නිලදාරින් දෙදහසකට අධික පිරිසක් යොදාගෙන ඉන්නවා.

නියෝජ්‍යය පොලිස්පති තුමා පවසන පරිදි පොලිස් නිලධාරින් එක්දහස් පන්සියක් යෙදාවලා තියෙනවා. යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Powered by Blogger.