Header Ads

Breaking News
recent

ගුවන් හමුදා මූලස්ථාන ඉඩම විදේශිකයන්ට විකුණන්න කැබිනට් පත‍්‍රිකාවක් ?

ද රාජපක්ෂ ආණ්ඩුව විසින් රටේ ජාතික සම්පත් විකුණාගෙන කන බවට හිටපු අමාත්‍ය චම්පික රණවක චෝදනා කරයි.

අද වන විට පුත්තලම විදුලි බලාගාරය විදුලිබල මණ්ඩලයේ විරෝධතාවය මැත මැද විකුණා දැමීමේ ක්‍රියාවලිය සිදු වන බවද ඔහු පැවසීය.

වරාය සේවකයන්ගේ විරෝධතා මැද කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීමට කටයුතු සැලසුම් කර ඇති බවත් ඔහු කීය.

බලයට පැමිණ පැය 24න් පවරා ගන්නා බව පැවසූ හම්බන්තොට වරාය අද වන විට එම ගිවිසුම තවත් ශක්තිමත් කර විදේශිකයන්ට පවරා දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඔවුන් විසින් අද මහා පාවාදීමක් සිදු කරමින් ඇති බවත් එනම් කොම්පඤ්ඤ වීදිය පිහිටි ගුවන් හමුදා මූලස්ථානය විදේශිකයන්ට විකුණා දැමීම සඳහා සියලු සැලසුම් සකස් කර ඇති බවත් ඔහු පැවසීය.

ගුවන් හමුදා ක්‍රීඩාංගණය, කොම්පඤ්ඤ වීදිය පොලිසියද ඇතුලත් අක්කර 9 ක භූමි ප්‍රදේශය විදේශිකයන්ට විකිණීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින්ම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු කියා සිටියේය.

-lankacnews


No comments:

Powered by Blogger.