Header Ads

Breaking News
recent

මර්වින් සිල්වාගේ කිරිපිඬු දානයට තහංචියක් !

ක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක මර්වින් සිල්වා විසින් රුවන්වැලි මහාසෑය ඉදිරිපිට අද (03) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ මහා කිරිපිඬු දානය නතර කරන ලෙස අදාළ පාර්ශවයන්ට දැනුම් දුන් බව අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් එම්.බී.එම්. සුෆ්යාන් පැවසුවා.

මෙම කිරිපිඬු පූජාව අද පෙරවරු 9.00ට පැවැත්වෙන බවට එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක මර්වින් සිල්වා සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණා.

තුන් හෙලයම එක්සේසත් කළ දුටුගැමුණු මහරජතුමන්ට පුන්‍යාණුමෝදනා පැමිණවීම පිණිස මෙම කිරිපිඬු පූජාව වීර දුටුගැමුණු සංවිධානය විසින් පවත්වන බව ද එහි සඳහන් වනවා.

අදාළ පූජාව පැවැත්වෙනවා ද නැද්ද යන්න පිළිබඳව සොයා බලන බවද මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිළි සංඛ්‍යාව 6000 ඉක්මවා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ ජාතික මැතිවරණ පැමිණිළි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිළි කළමනාකරණ මධ්‍යස්ථානයට පෙරේදා (01) පස්වරු 4.00 වන විටදී ලැබී තිබූ සමස්ත පැමිණිලි සංඛ්‍යාව 6483කි.

මෙතෙක් ලැබී ඇති පැමිණිලි සියල්ලම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව බවත්, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා වී නැති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

සාලිය කුමාර ගුණසේකර / ඉෂාර රත්නකාර


No comments:

Powered by Blogger.