පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයේ පෙත්සම් පිළිබඳ විභාගය අද දෙවන දිිිනටත්
අදාළ පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෙත්සම් සංඛ්‍යාව 39 ක්.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා.
මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු අද දින තව දුරටත් සිය දේශන ඉදිරිපත් කිරීම සිදු කරමින් සිටිනවා.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අවධානය කළේ යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන "සිතීමේ නිදහස" නමැති මූලික අයිතිවාසිකමට සීමා පැනවීම් සිදුවන බව පෙන්වා දුන්නා.
එමෙන්ම පුරවැසියන් සතු තොරතුරු දැන ගැනීමේ අයිතියට ද අහිතකර ලෙස බලපෑම් එල්ල කරන තත්ත්වයක් පවතී.
ඊට අමතරව යෝජිත පනත් කෙටුම්පත තුළින් ජනතාව සතු අධිකරණ බලයද අත්තනෝමතික ලෙස අත්පත් කර ගැනීමක් සිදුවන බව පෙන්වා දුන් නීතිඥවරු ඒ තුළින් ජනතා පරමාධිපත්‍යය බරපතල ලෙස උල්ලංඝනය වන බව සඳහන් කළා.
මෙම පනත් කෙටුම්පත ඍජුවම ජනතා පරමාධිපත්‍යය සමග ගැටෙන හෙයින් එය සම්මත කිරීමට නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් සදහා යොමු කළ යුතු බවයි ඔවුන් තවදුරටත් පෙන්වා දුන්නා.
පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙනවා.
විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ලංකා ගුරු සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නීතිඥවරු, සිවිල් පුරවැසියන්, වෘත්තීය සමිති ඇතුළු පාර්ශව 39 ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙනවා.
ඊට අමතරව විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණි ලොකුගේ, මහාචාර්ය ජී.එල්.පීරිස්, නීතිඥ සාගර කාරියවසම්, පූජ්‍ය ඕමාරේ කස්සප, ඒම්.දයාරත්න, ඩබ්ලිව්.ඒ. ඩී.වීරතිලක, පී.ජී.බී.අබේරත්න යන අය විසින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇත.
No comments: