පොල් ගැසට්ටුවේ වරද භාරගෙන පාරිභෝගික කටයුතු අධිකාරියේ නීති අධ්‍යක්ෂකවරියට ඉල්ලා අස්වන්නැයි කියයි
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නීති අංශය තවමත් කළියුගයේ. පොල් පාලන මිල ගැසට්ටුවේ වැරැද්ද භාරගෙන නීති අධ්‍යක්ෂකවරිය වහාම ඉල්ලා අස්විය යුතුයි.
2020/09/25 දින පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් පොල් මිල පාලනය කිරීම සදහා අංක 2194/73 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කරන ලදී. එමගින් පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව මිල තීරණය කිරීම මුලින්ම ලංකාවට හදුන්වා දෙන ලදී. එහි සදහන් ආකාරයට පොල් ගෙඩියේ වට ප්‍රමාණය මනිනු ලබන මිනුම් දණ්ඩ වන්නේ අගල් ය. අගල් යන මිණුම අප භාවිතයෙන් ඉවත් කල දැන් දශක ගණනාවක් වේ. දැන් ලෝකය ගමන් කරන්නේ සෙන්ටි මීටර හා මිලිමීටර ලෙස සළකනු ලබන Metric ක්‍රමයට වන අතර අගල් භාවිතා කරන්නේ Imperial ක්‍රමය හෙවත් අධිරාජ්‍ය ක්රමයටය. ඒනයින් බලන කල පාරිභෝගික කටයුතු අධිකාරියේ නීති අංශයේ අධ්‍යක්ෂකවරිය තවමත් ජීවත්වන්නේ ගල් යුගයේ බව පැහැදිලි වේ. පොල් සංවර්ධන අධිකාරිය විසින් නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ අගල් වලින් වුවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගැසට්පත්‍ර නිකුත් කිරීමේ වගකීම දරන්නේ එහි නීති අධ්‍යක්ෂකවරියයි.
පසුගිය දිනවල රජය විසින් නිකුත් කරන ලද ගැසට්පත්‍ර යලි හකුලා ගැනීමට සිදුවිය. එසේ වූයේ නිළධාරීන්ගේ වරදින් බව ඉතා පැහැදිලි නමුත් සමාජ මාධ්‍ය ජාලා මෙම ගැසට් රිවස් කිරීම පිළිබදව විවේචන එල්ල කරන ලද්දේ ජනාධිපතිවරයා වෙතය. පාරිභෝගික කටයුතු අධිකාරියේ පොල් පාලන මිල ගැසට්පත්රය මෙසේ වරදවා මුද්‍රණය කර ඇත්තේ ජනාධිපතිවරයා හා රජය අපහසුතාවයට පත් කිරීමට හිතාමතාමද යන්න පිළිබදව වහාම සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුය යන්න අපගේ අදහසයි. අප එසේ කියන්නේ පාරිභෝගික කටයුතු අධිකාරියේ ආරම්භයේ සිටම නීති අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කරන නිළධාරිනිය වසර ගණනාවක පළපුරුද්දක් ඇති නිළධාරිනියක් වන නිසාම පමණක් නොව ඇය මේ වන විට මෙරට ජනාතාවගේ මුදලින් විශාල රටවල් සංඛාවක පුහුණව සදහා සහභාගී වී ඇති පළපුරුදු නිළධාරිනයක් වන නිසාය
අප අසා ඇති ආකාරයට ඇය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙනුවෙන් කිසිම නඩු කටයුත්තකට මෙතෙක් පෙනී සිට නැත. ඇය වඩාත් උනන්දුවක් දක්වන්නේ පිටරට සංචාරවලට බව පාරිභෝගික කටයුතු අධිකාරියේ බහුතරයක් දන්නා කාරණයකි.
කෙසේ වෙතත් 2020/09/25 දින පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් පොල් මිල පාලනය කිරීම සදහා අංක 2194/73 දරණ අතිවිශේෂ ගැසට් ගැසට්පත්රය නිකුත් කිරීමේ දී සම්මත මිණුම්දඩු වරදවා මුදුණය කිරීමේ වගකීම සෘජුවම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නීති අධ්‍යක්ෂකවරිය භාරගෙන වහාම ඉල්ලා අස්විය යුතු බව අප සංවිධානයේ අදහසයි. මක්නිසාදයත් ගැසට්පත්‍රයක් හරිහැටි සකස් කිරීමට නොදත් අයෙකු ජනතා මුදලින් නඩත්තුවීම රටකට ඔරොත්තු නොදෙන නිසා පමණක් නොව එවැනි නිළධාරීන් හිතුමතාම හෝ වැරදීමකින් කරනු ලබන එවැනි ක්‍රියා නිසා ජනාධිපතිවරයා විෂයභාර අමාත්‍යවරයා ඇතුලු රජය අපහසුතාවය පත්වන නිසා හා ජනාධිපතිවරයා රට ඉදිරියේ හාස්‍යට ලක්වන නිසාය.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
No comments: