දොස්තර නලින් IDH එකේ කොරෝනා ලෙඩ්ඩු බලද්දී දේශපාලන හෙංචයියන් ඉඩමට වැඩේ දීලා - (EXCLUSIVE PHOTOS)
අයි.ඩී.එච්. රෝහලෙ සේවයේ නියුතු වෛද්‍යවරයෙකුට අයත් පාරම්පරික ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති දේශපාලන හෙංචයියන් පිරිසක් එම ඉඩම ඩෝසර් කර එහි තිබූ සියලු වගාවන් විනාශ කොට ඇති බව වාර්තා වේ. නලින් ක්‍රිෂාන්ත නම් මෙම වෛද්‍යවරයා අයි.ඩී.එච්. රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන අතරතුර ඉකුත් 22 දින මෙම සිද්ධිය සිදුව තිබේ.
එහිදී සිය මවට අයත් මෙම ඉඩමට 22 වන දින උදෑසන කඩා වැදිී ඇති මෙම පිරිස බලහත්කාරයෙන් ඉඩම සුද්ද කරද්දී පෙරවරු 9.15ට ඒ බව ඔවුන් 119ට දැනුම් දී ඇත.
ඉන් අනතුරු 9.30 වන වනවිට පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක්ද කිරීමට පිරිස කටයුතු කොට ඇත.
නමුත් පෙරවරු 11.20 වනවිට මෙම මැර පිරිස ඉඩම සම්පූර්ණයෙන්ම සුද්ද කර පිටව යනවිටත් පොලිසිය එම ස්ථානයට පැමිණ තිබී නැත.
එහි ඇති විශේෂත්වය වන්නේ අදාළ ඉඩමේ සිට කිලෝමීටර් 2ක දුරින් පොලිස් ස්ථානය පිහිටා තිබුණද කිසිදු නිලධාරියෙක් අදාළ කාර්යය නිමා වනතුරු එම ස්ථානයට පැමිණ නොතිබීමය.
මෙම ඉඩම අදාළ වෛද්‍යවරයාගේ පියාගේ පියා විසින් අවුරුදු 80කට පමණ පෙර මිලදී ගත් එකක් බවද දැනගන්නට තිබේ.
-mawratanews
No comments: