Header Ads

Breaking News
recent

PCR පරීක්ෂණ කිරිමේ මුවාවෙන් බෙහෙත් බොන්නට දී නිවසක් මංකොල්ල කෑ බොරු PHIලා පිරිසක් ගැන පොලිස් විමර්ෂණ

PCR පරීක්ෂණ මුවාවෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ලෙස හඳුන්වා දෙමින් මහව, කැත්තපහුව ප්‍රදේශයේ නිවසක සිදුවූ බව කියන මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

ඊයේ සවස 3.30 ට පමණ මහව, කැත්තපහුව ප්‍රදේශයේ නිවසකට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යැයි කියා ගත් තිදෙනෙකු ගෙන් සමන්විත පිරිසක් එම නිවැසියන්ට PCR පරීක්ෂණ සිදුකිරිමට අවශ්‍ය බව පවසා යම් කිසි ඖෂධයක් පානය කිරිමට ලබාදී ඇත.

එම බෙහෙත් පෙති පානය කිරීමෙන් පසු එම නිවැසියන් සිහිනොමැතිව ගොස් ඔවුන් යළි අවදිව ඇත්තේ අද උදෑසන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

නිවැසියන් අවදිවී සිදුකළ සොයා බැලීමේදී නිවසේ තිබු රත්ත්‍රන් පවුම් තුනහාමාරක් රන් භාණ්ඩ සොරා ගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබෙන බවත් පසුව සිද්ධිය ගැන මහව පොලිසියට පැමිණිලි කොට ඇත.

රටේ පවතින ගැටළු සහගත තත්ත්වය මධ්‍යයේ මෙවැනි වංචාකාරී ක්‍රියාවන් සිදුකරන පුද්ගලයින් සිටින බැවින් මහජනතාවට කල්පනාකාරීව කටයුතු කරන ලෙස පොලිසිය දැනුම් දී සිටියි.

එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වෛද්‍ය බලධාරින් සඳහන් කර සිටින්නේ PCR පරීක්ෂණය කිරිමට පෙර කිසිදු ඖෂධයක් පානය කිරිමට නොදෙන බවයි. මේ හේතුවෙන් මහජනතාව අවධානයෙන් යුතුව කටයුතු කිරිම වැදගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කර සිටිනවා.

No comments:

Powered by Blogger.