Header Ads

Breaking News
recent

ලොකු මචංගෙ (විදුරගෙ) නගාට නිරෝධායන අරියාදුවක් (Video)

Tushara Wickramanayaka
එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි තමාට නිරෝධායන ක්‍රියාවලියේදී බලවත් අසාධාරණයක් සිදු වූ බව වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය පවසනවා. වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය, හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දියණියක වන අතර රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහත්මිය ඇයගේ වැඩිමහල් සහෝදරයායි.

මීගමුව ප්‍රදේශයේ හෝටලයක ඇය නිරෝධායනය කාලසීමාව ගතකර ඇති අතර නිරෝධායනය අවසන් කිරීමේදී සිදු කරන පීසීආර් පරීක්ෂණය පෞද්ගලිකව සිදුකර ගන්නා ලෙස අදාල ‍හෝටලයේ නිරෝධායන කටයුතු භාරව සිටි හමුදා නිළධාරීන් ප්‍රකාශ කළ බවයි ඇය පවසන්නේ.

අදාල පරීක්ෂණය සඳහා තමාගෙන් ජෛව පටල සාම්පල ලබාගෙන ඇති නමුත් බළධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් එම පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කර නොමැති බවත් මේ නිසා අදාල පරීක්ෂණයට සහ එම පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු තවත් දින 04 ක් හෝටලයේ රැඳී සිටීම සඳහා මුදල් වැය කිරීමට සිදුව ඇති බවයි.


-lankanewsweb

No comments:

Powered by Blogger.