Header Ads

Breaking News
recent

තුර්කියට සහ ග්‍රිසියේ සමොස් දුපතට සුනාමියක් – රළ පහරින් බේරිමට ජනතාව ගොඩනැගිලිවල සුන්බුන් මතට ගොඩවේ - (VIDEO/PHOTOS)

රිච්ටර් මාපකයේ ඒකක 7.0 ක අගයකින් යුත් භුකම්පනයක් හේතුවෙන් තුර්කියට සහ ග්‍රිසියේ සමොස් දුපතට සුනාමි තත්ත්වයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇතිවූ භූකම්පනය හේතුවෙන් තුර්කියේ විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි 06ක් කඩා වැටී තිබෙන බවයි.

එමෙන්ම එරට පුද්ගලයින් සිව්දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තවත් 120 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. ග්‍රීසියේ ද පුද්ගලයින් 08 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන්. ඇතිවූ සුනාමි රළ පහරින් බේරිම සඳහා තුර්කියේ, ඉස්මීර් වෙරළ ආසන්න නගරයේ ජනතාව කඩා වැටුණු ගොඩනැගිලි වල සුන්බුන් මතට නැගී සිටින අයුරු දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූකම්පනයේ ප්‍රබලත්වය ඇතෑන්ස්, උතුරු මැසිඩෝනියාව සහ බල්ගේරියාවට ද දැනුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුර්කියේ ඉස්මීර් ප්‍රාන්තයේ ගොඩනැගිලි 20කට අධික සංඛ්‍යාවක් කඩා වැටී ඇති බවයි එහි නගරාධිපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම කඩා වැටුණු තුල සිරවී සිටි පුද්ගලයින් 70 දෙනෙක් පමණ බේරා ගැනීමට සහන සේවකයින් හැකිව තිබෙනවා.


No comments:

Powered by Blogger.