Header Ads

Breaking News
recent

අදත් කොවිඩ් මරණ 07ක් - සමස්ත මරණ 116යි

අද දිනයේත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් 19 ආශ්‍රිත මරණ 07ක් වාර්තා කර තිබේ. 
ඒ අනුව ලංකාවෙන් මේ වන විට කොවිඩ් 19 මරණ 116ක් වාර්තා වී ඇත. කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක් මුල්ලේරියාව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මිය ගොස් තිබේ. 

මරණයට හේතුව කොවිඩ් 19 ආසාදනය හා නිධන්ගත පෙනහළු රෝගයයි. මරණය සිදුව ඇත්තේ ඊයේ (28) දිනයි.

කොවිඩ් 19 නිවුමෝනියාව සමඟ නිධන්ගත පෙනහළු රෝගය දියවැඩියාව උත්සන්න වීමෙන් ගොතටුව ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ (27) නිවසේදීම මියගොස් ඇත.

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 73 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පුද්ගලයෙකු කොවිඩ් 19 ආසාදනය වීම නිසා ඇති වූ නොවුමෝනියා තත්ත්වය නිසා  අද (29) මිය ගොස් ඇති බවයි වාර්තා කර තිබෙන්නේ. 

මේ අතර හලාවත ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙක් හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදින් මිය ගොස් තිබේ. මරණයට හේතුවී ඇත්තේ දියවැඩියාව,අධික රුධිර පීඩනය සහ ආඝාතය සමඟ ඇති වූ කොවිඩ් 19 නිවුමෝනියා තත්ත්වයයි. මරණය සිදුව ඇත්තේ අද දිනයි. 

කරාපිටිය ශික්ෂණ රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර ඒවා තිබුණු අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවක්ද නිධන්ගත වකුගඩු රෝගය සමඟ කොවිඩ් 19 නිවුමෝනියා තත්ත්වය නිසා පසුගිය (27) වැනිදින මරුමුවට පත්ව ඇති බව දැක්වෙයි. 

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 90ක කාන්තාවක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී අද (29) මිය ගොස් තිබේ. මරණයට හේතුව කොවිඩ් 19 නිවුමෝනියා තත්ත්වයයි. 

මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙකු රෝහලට ඇතුල් කරන අවස්ථාවේ පසුගිය (27) වැනිදින මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් 19 සමඟ පෙනහළු අක්‍රීය වීමයි. 

No comments:

Powered by Blogger.