Wednesday, April 30 2025

Header Ads

ගැටුමෙන් රැදවියෙක් මරුට.. 05ක් රෝහලේ.. මහර බන්ධනාගාරයේ ගිනි.. ගිනි නිවන රථ 06ක් යොදවයි..

මහර බන්ධනාගාරයේ ඇති වූ ගින්නක් නිවා දැමීම සඳහා ගිනි නිවන රථ 06 ක් යොදා තිබේ.
එම බන්ධනාගාරයේ අද ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මැද මෙම ගින්න ඇති වී තිබිණි.

එම නොසන්සුන්තාවයේදී රැදවියකු මිය ගිය අතර තවත් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම තත්ත්වය ඇති වී ඇත්තේ එහි රැඳවියන් පිරිසකට කොරෝනා ආසාදන වීමත් සමග තවත් රැඳවියන් පිරිසක් පළා යාමට උත්සාහ කිරීමේදීය.

තත්වය පාලනයට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා ඇත.

මේ වන විට බන්ධනාගාරයේ ආරක්‍ෂාව දැඩි කර ඇති අතර පොලිසිය සදහන් කරන්නේ බන්ධනාගාරයේ ආරක්‍ෂාව තහවුරු කර ඇති බවයි.

Leave a Comment

Powered by Blogger.